බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, හොකී, ටෙනිස් හා ටේබල් ටෙනිස් සාග් වල තහනම්.


ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පෙබරවාරි 05 වැනිදා ආරම්භවන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමස්ථ කණ්ඩායම තෝරා ගැනීමේදී අවුල් රැසක් ඇතිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර ක්‍රීඩා සංගම් 5ක ගැටලු නිරාකරණය නොකරගත හොත් ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දන්වා ඇතැයිද පැවසේ.

කරුණාරත්න සොයුරන්ගේ හඹේ

බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, හොකී, ටෙනිස් හා ටේබල් ටෙනිස් යන සංගම්වලට ක්‍රීඩා අමාත්‍යවරයා මේ අනතුරු ඇඟවීම කර ඇතැයි වාර්තා වේ.

බැඩ්මින්ටන් තේරීම් කමිටුව විසින් අදාල සංචාරයෙන් ශ්‍රී ලංකා බැඩ්මින් පිටියේ දැවැන්තයන් බවට පත්ව සිටින කරුණාරත්න සොයුරන් ඉවත් කිරීම මේ අතර ප්‍රධාන තැනක් ගෙන තිබේ.

බැඩ්මින්ටන් තේරීම් කමිටුව කරුණාරත්න සොයුරන් ඉවත්කර ඇත්තේ ඔවුන් බැඩ්මින්ටන් තේරීම් තරග අස්සේ නොදන්නා පෞද්ගලික සංචාරයකට සහභාගිවූයේ යැයි වන චෝදනාව මතය.

කෙසේවුවද කරුණාරත්න සොයුරන් අදාළ තරගාවලියට නම් කළ හොත් බැඩ්මින්ටන් තේරීම්කමිටුව ඉල්ලා අස්වන බවටද අනතුරු අඟවා ඇතැයි වේ අතර වාර්තා වේ.

චන්ද්‍රිකා හා කසුන්ට සාග් යන්න දොර ඇරෙයි

සාග් මීටර් 200 රන් පදක්කම දෙවරක් දිනා සිටින චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක හා ජාතික ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙ ජයග්‍රාහකයා වන කසුන් කල්හාර තේරීම් තරගවලට සහභාගි නොවීම නිසා ඉවත් කිරීමද මේ බව විට ඇති බරපතල ගැටලුවකි.

ක්‍රීඩා ඇමතිවරයා ඔවුන් සහභාගිකර ගන්නා ලෙස මේවන විට මලල ක්‍රීඩා බලධාරීන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

ටෙනිස්වලට විශේෂ තේරීම් තරගයක්

ටෙනිස් සංගමය ඉක්තු වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම තෝරාගැනීම ටෙනිස් සංගමයේ අරබුදය වේ.

රොෂේන් ප්‍රනාන්දු නම් ක්‍රීඩකයා මේ කණ්ඩායමට ඇතුළත් නොවීම නිසා පසුගිය සතියේ දින තුනක් විශේෂ තෝරා ගැනිම් තරග ටෙනිස් සංගමය විසින් පැවැත්වූ බවද වාර්තා වේ.

Share on Google Plus