ලෝක ආර්ථික සමුළුවට අගමැති රනිල්ට ඇරියුමක්.


ජනවාරි 20 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී ඇරඹෙන ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික සම්මේලනයට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සමුළුවට සහභාගි වේ. මේ සමුළුවට රටවල් පනස් දෙකක නියෝජිතයෝ සහභාගි වෙති. ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික සම්මේලනය වසර 40ක් තිස්සේ අඛණ්ඩව පැවැත්වෙයි.

ජර්මනියේ උපන් ව්‍යපාරික මහාචාර්යවරකු වන කලුස් ස්ච්වැබ් (Kalus schwab) විසින් ජිනීවා විශ්වවිද්‍යාලයේදී 1971 වසරේදි මේ සමුළුව ආරම්භ කරන ලදී. අන්තර්ජාතික ගැටුම් විසඳීම සඳහා වේදිකාවක් සකස් කිරීම මේ සමුළුවේ ප්‍රධාන අරමුණයි.


Share on Google Plus