මේවා දකිනකොට බෞද්ධයන් හැටියට අපිට ලැජ්ජයි.


"මේ ආණ්ඩුව කිසි විටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇති කරන්න කටයුතු කරන්නේ නැහැ" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (26දා) ප්‍රකාශ කළේය.

විදේශ අමාත්‍යාංශය අස්සන් කරන ලද ගිවිසුම් දහයක් සම්බන්ධයෙන් ඊයේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අගමැතිවරයා එසේ පැවැසුවේය.

අද අවාසනාවන්ත දෙයක් වුණා. එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ හිමියන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට ගත් තීරණය උසාවියේ තීරණයක්. අප නීතියට ගරු කරන්න ඕනෑ. පොලිසියට තිබුණේ මහෙස්ත්‍රාත්වරයා කියන විදියට ක්‍රියාකිරීමයි. ඊට පසු පිරිසක් ඇවිත් කෑකෝගසමින් උසාවියට යන්න හදලා තියෙනවා. එතැන සිවුරු පොරවාගත් පිරිසකුත් සිටි බවට තොරතුරු තිබෙනවා. ඔවුන් ගිහිද පැවිදිද කියන්න දන්නෙ නැහැ. නීතියට යටත් විය යුතුයි.

මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මල්වතු මහ නාහිමියන්ට හා කෝට්ටේ මහ නාහිමියන්ටත් යවන්න කියා පොලිසියට මා උපදෙස් දුන්නා.

නීතිය නීතියයි. බෞද්ධයෝ හැටියට අප නීතියට යටත් වෙන්න ඕනෑ. මේවා දකිනකොට බෞද්ධයන් හැටියට අපට ලැජ්ජයි.
මේ ආණ්ඩුව කිසි විටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇති කරන්න කටයුතු කරන්නේ නැහැ.

Share on Google Plus