දැන් ලංකාවේ හැමෝටම හිරු එළිය පායනවා. (Photos)


ගෝලීය පරිසරයේ වෙනස්කම් සිදුවනවා සේ ගෝලීය දේශපාලනයේද වෙනස්කම් සිදුවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒසේ වෙනස්වීමෙන් හිරු එළිය මුළු ලංකාවටම ලැබුණු බවත්, මේ වන විට ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිරු එළිය පායන බවත් ඒ මහතා අද ජාතික තෛයිපොංගල් උත්සවයට සහභාගීවෙමින් කියා සිටියේය. 

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් මහතා ලංකාවට පැමිණියේ අඳුරු යුගයක බවත්, හිරු එළිය වැටුණු අවදියේ ලංකාවට පැමිණෙන ලෙස   ඒ මහතාට  තමන් විසින් විශේෂ ආරාධනාවක් කරන බවත් ඔහු එහිදී  කීවේය.

තවද කිරිබත් ආහාරයට වඩා තමාට තෛයිපොංගල් බත් රස බවත්, තෛයිපොංගල් උත්සවය යනු ජාතික උත්සවයක් බවත් හෙතෙම කියා සිටියේය.

ඉදිරි කාලය තුළදී ලංකාවේ ආර්ථිය යහපත් මට්ටමකට ළඟාවන විට උතුරු නැගෙනහිරට විශේෂ දායකත්වයක් ලබාදෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවන්හි ඡායාරූප මෙහි දැක්වේ.






Share on Google Plus