දයාසිරි තටු කැපේ - රනිල්ගෙන් ක‍්‍රිකට් මණ්ඩලයක් - ප‍්‍රධානියා සිදත් වෙත්තමුණි.


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කිරීමට නියමිත පංච පුද්ගල කමිටුවේ ප‍්‍රධානියා වශයෙන් සිදත් වෙත්තමුණි මහතා පත්කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇති බව වාර්තා වේ.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි අවසන් විසුරුවා හැරුණු ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයාය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රිකට් අධීක්ෂණ කමිටුව පත්කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේද අනුමැතිය ඇතිව බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම කමිටුවට අගමැතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයන් තිදෙනකුගෙන් හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල මඩුල්ල නියෝජනය කරන නියෝජිතයන් දෙදෙනකු ඇතුලත් වේ.

මූල්‍ය කටයුතු අධීක්ෂණය හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනට පවතින ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම මෙම අධීක්ෂණ කමිටුවේ රාජකාරි වනු ඇතැයි පැවසේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ හා ක‍්‍රිකට් ආයතනයේ නව සහාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ දැඩි විරෝධය පළ වී ඇතැයි මාධ්‍ය පෙන්වා දෙයි.

Share on Google Plus