ශ්‍රී ලංකා පොලිසියට එංගලන්තයෙන් උපදෙස්. - Info Sri Lanka News | Sinhala

ශ්‍රී ලංකා පොලිසියට එංගලන්තයෙන් උපදෙස්.


උද්ඝෝෂණ සහ වෙනත් විරෝධතාවලදී පොලිසිය හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් එංගලන්තයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් උපදෙස් ලබා ගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පොලිස් නිළධාරීන්ට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ලවා උද්ඝෝෂණ විසුරුවා හැරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇති. 

එච්.එන්.ඞී.ඒ සිසු පිරිසක් ඉකුත් දා කෙරුණු උද්ඝෝෂණයකදී පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව ජාතික පොලිස් කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා.

අදාළ උද්ඝෝෂණයේදී පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර බොහෝ පිරිස් පැවසුවේ පොලිසිය එහිදි ක‍්‍රියා කළේ අයථා ලෙස බවයි.  



Share on Google Plus