ජනපති හොරු රකින බව හෙළිවේ.


පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වසාදමන බවට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී කණ්ඩායමට මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව පසුගිය 28 දින හිරු රුපවාහිනී නාලිකාවේ බලය දේශපාලන සංවාදයෙදී  හෙලිදරව් විය. සංවාදයට සහභාගී වූ උදය ගම්මන්පිල මහතා මේ බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන් ඉදිරියේ ප්‍රකාශ කළද එම චෝදනාව මෙම ඇමති වරුන් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨිශය පිහිටවූ අවස්ථාවේ සිටම උදය ගම්මන්පිල ඇතුළු මහින්දවාදී පිල එය වසා දැමීමට විවිධ බලපෑම් සිදු කළේය. ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මේ වනවිට ආණ්ඩුව සහ රාජපක්ෂවරු අතර පවතින් ඩීල් දේශපාලනය තහවුරු වෙමින් තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නිත්‍යානුකුල ද යන්න විමසා ජනාධිපතිවරයා මෑතකදී නීතිපතිවරයා වෙත ලිපියක් යැවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද අතර ගම්මන්පිලගේ මෙම ප්‍රකාශය සහ අමරවීර සහ සොයිසා ඊට දැක්වූ ප්‍රතිචාර අනුව පෙනී යන්නේ බරපතල මුල්‍ය අපරාධ පිළිබඳ වංචා විමර්ශණයට ජනාධිපතිවරයා බාධා කරන බවය.

එමෙන්ම මෙම සංවාදයේදී මහින්ද අමරවීර ඇමතිවරයා සිදුකල ප්‍රකාශවලින් හෙලිවුයේ බරපතල වංචා දුෂණ සහ මිනිස් ඝාතන ඇතුළු අපරාධවලට වගකිව යුතු රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු සහ ප්‍රබල නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ ජාතික ආණ්ඩුවට එකතු වූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී වරුන් විසින් කරන ලද බපෑමක් අනුව බව ය. ඒ අනුව මුල්‍ය අපරාධ කරුවන් රැකීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරන බව තහවුරු වේ.

මෙම සංවාදයේදී මහින්ද අමරවීර ඇමතිවරයා මෙසේ පැවසිය "මේ ජාතික ආණ්ඩුව නැත්නම් අපේ නායකයෝ ගණනාවක් හිරගෙවල්වල. අපි ඒක නවත්වන්න කටයුතු කලා"

මේ අතර සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබෙන්නේ මූල්‍ය අපරාධ කොට්ඨිශය මගින් සිදුකරගෙන යන පරීක්ෂණ සියල්ල විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැවරීමේ සූදානමක් පවතින බවය.


Share on Google Plus