සාටකයේ ආශීර්වාදයෙන් අලුත් සන්ධානයක්



එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සිදුකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ජයක් හිමිනොවන බව පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ එකමුතුව සඳහන් කරයි.

මේ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සාටකය සහිත මහජන නියෝජිතයෙකුගේ ආශීර්වාදයෙන් පිහිටුවනු ලබන සන්ධානයකින් පැමිණ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කිරීමට කටයුතු කරන බව එම සංගමයේ කැඳවුම්කරු මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නව සන්ධානයක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන හිටපු හා දැනට සිටිනා පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් 98% ක් කැමැත්ත පළකර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.


Share on Google Plus