මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් එන ලකුණු.


ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පක්ෂයක් පිහිටුවීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරු සාකච්ඡා වට කිහිපයක් පවත්වලා තියෙනවලු.

පසුගිය දින කිහිපයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කතාබහ ඇති වෙලා තියෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡා සඳහා මුලිකත්වය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 31 රාත්‍රියේ නව වසර උදාව නිමිත්තෙන් පසුගිය රජයේ ප්‍රබලයෙකුගේ නිවසේ පැවති සාදයකදී ද මේක ගැන කතා වෙලා තියෙනවා.

මෙම නව පක්ෂයේ සලකුන බොහෝ දුරට දියෙන් පිපෙන මලක පොහොට්ටුවක් විය හැකිලු.

විපක්ෂයේ ප්‍රකාශකයෙකු කිව්වේ ලබන මස මුලදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණෙන්න පුළුවන් කියලයි.

Share on Google Plus