ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් කල්මුණේදි සැමරේ.


මහින්ද රාජපක්ෂ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියගේ  10 වන සංවත්සරය 2016ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ශාලාවේදි පැවැත්විණි.

නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ  එකතුව යාපන මාධ්‍ය සමාජය සහ මාධ්‍ය  නිදහස  සදහා  ක්‍රියාකාරී කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සදහා සුගීර්තරාජන්ගේ බිරිද ඇතුළු දරුවන් දෙදෙනාද , දමිල පුවත්පත් කතුවරුවන් සහ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්  රැසක් මේ අවස්තාවට සහභාගිව සිටියහ.මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නිළවෙබ් අඩවිය සුගීර්තරාජන්ගේ පුතු විසින් සංකේතාත්මකව ක්‍රියත්මක කරන ලදි.




Share on Google Plus