ධීවරයන්ට ප්‍රහාර එල්ල කරන ලෙසට දුන් නියෝගයෙන් ඉන්දියාව කැළඹේ.


අනවසරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගාන්නා ලෙසත් මෙරට නාවික හමුදා අණ නොතකා කටයුතු කරන්නේ නම් අවශ්‍ය වුවහොත් ප‍්‍රහාර එල්ල කළ යුතු බවත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා උතුරේ ප‍්‍රදේශ භාර නාවික හමුදා අණ දෙන නිළධාරීන්ට හා වෙරළ ආරක්ෂක බලකා ප‍්‍රධානින්ට නියෝග කිරීමත් සමගම ඉන්දියාව කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඉන්දීය මධ්‍යම රජය මෙරට ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පසුගිය 10 වන දින සිට දින තුනක කාලයක් ධීවර ඇමැතිවරයා යාපනය හා මන්නාරම ආදී ප‍්‍රදේශවල සංචාරය කරමින් එම ප‍්‍රදේශයන්හී ධීවර ජනතාවගේ ගැටළු පිළිබඳව සොයා බලා ඇත.

මේ අතරතුර ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන බව සියැසින්ම දැක තිබේ.

ඉන්දීය ධීවරයන් විසින් තහනම් ක‍්‍රම උපයෝගී කරගෙන මෙරට මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමත් එසේම ඒ හේතුවෙන් කොරල් පර හා වෙනත් මුහුදු ජීවීන් විනාශ වීමටත් එය තුඩු දෙයි.

උතුරු පළාතේ ආරක්ෂක කටයුතුවල නියැළෙන නාවික හමුදා යාත‍්‍රාවල අවි පසුගිය කාලයෙහි ගලවා ඉවත් කර ඇත. මේ හේතුව නිසා ඉන්දිය ධීවරයන් විසින් මුර සේවායෙහි යෙදෙන නාවික හමුදා යාත‍්‍රා සම්බන්ධයෙන් හෝ එම නියෝග ගැන කිසිදු සැලකිල්ලක් නොදක් වන බවත් ඇතැම් අවස්ථාවන්වල දී ධීවරයන්ගේ තර්ජනයන්ට නාවික හමුදා නිළධාරීන්ට මුහුණා පෑමට සිදු ව ඇති බවත් මෙම සංචාරයේ දී ඇමැතිවරයා අනාවරණය කර ගෙන ඇත.

මූලාශ්‍රය - සත්හඬ

Share on Google Plus