බිම නිදමින් බණ කියමින් ඥාණසාර හිමි ඇතුළේ ගතකරන ජීවිතය..!


රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ H වාට්ටුවේ මැදිරියකය.

දැනට එම මැදිරියේ ඥාණසාර හිමියන්ට අමතරව, අල්ලස් චෝදනාමත රක්ෂිත බන්ධනාගරගතව සිටින විදුහල්පතිවරයකු සහ ගුරුවරයකුද රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ. බිම ඇතිරීමට මෙට්ටයක් පමණක් උන්වහන්සේගේ පරිහරණයට ලබා දී ඇතැයිද වාර්තා වනවා. 

ඥාණසාර හිමියන් ඊයේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ සිට වරින්වර බන්ධනාගාර නිලධාරීන්ට ධර්මාවබෝධය ලබාදෙමින් සිටින බවද වාර්තාවනවා. 

බන්ධනාගාරය විසින් ලබාදෙනු ලැබූ උදෑසන ආහාරවේල හීල් දානය ලෙස වැළඳූ උන්වහන්සේට දහවල් දානය උන්වහන්සේ බැලීමට පැමිණි අමුත්තන් විසින් සපයා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා. 

- උපුටාගැනීම : Nethfm

Share on Google Plus