මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පරදුවට තැබූ ITN මහේෂ් කෝ?


හෘදසාක්ෂියට එකඟව වැඩ කල නොහැකි නිසා ස්වාධීන රූපවාහිනීයෙන් ඉල්ලා අස්වෙන බව පවසා ඉල්ලා අස්වූ එම නාලිකාවේ ඉංග්‍රීසි මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා යහපාලන රජය බලයට පත් වූ පසු නැවතත් විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ කරගනු ලැබීය.

නමුත්, මේ වන විට ඔහු ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ද ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ඉහල තනතුරක් සඳහා ඔහු යෝජනා කල ද එම තනතුර භාර නොගෙන සාමාන්‍ය මාධ්‍යවේදියෙකු ලෙසම කටයුතු කල ඒ මහතාට විරුද්ධව සැලසුම් ක්‍රියාත්මක වන්නේ ද රාජපක්ෂ පාලනය බිඳ වැටි වසරක් පිරෙන්නට නියමිතව තිබියදීය.

ස්වාධීන රූපවාහිනී සේවය තුල තවමත් බලවත්ව කටයුතු කරන රාජපක්ෂ හිතවාදීන් පිරිසක් මෙම කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් ලෙස කටයුතු කරන අතර ඒ මහතා පසුගිය වසරේ ඉවත් වූ අවස්ථාවේ පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින් ඔබට නැරඹීමට හැක.



‘මම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩ කරන්නේ 2002 ඉඳන්, මම ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක් හැටියට එළියට එන්නේ ITN එක හින්දා. මම මේක ඇවිල්ලා ස්ථීර සේවකයෙක් වශයෙනුත්, තවත් කලක නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. ITN එක පස් වෙනි තැනට තිබෙන කොට ඒක පළවෙනි තැනට ගේන්න මමත් පිඹුරු පත් අදින්න දායක වුණා. මම කරපු දේවල් කියන්න අවශ්‍යතාවයක් නෑ. ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ගොඩක් දෙනෙක් ඒවා දන්නවා. මං ගැන කියන්න මට අවශ්‍ය නෑ. මම මෙතනට ආවේ කා වෙනුවෙන්වත් නෙවෙයි අයි ටී එන් එක වෙනුවෙන්. මම මෙතන එන්න හේතුව මං එතන හිටපු අවුරුදු 12ක ආසන්න කාලයක් ඇතුළත මං දැක්කේ විශේෂයෙන් 2010 පසුවන විට මාධ්‍ය අපිට හෘදසාක්ෂියට එකඟ නැතිව ගොඩක් කරන්න දේවල් තිබුණ අවස්ථාව වැඩියි. මගේ හෘදසාක්ෂිය හැම වෙලේම මට වද දුන්නා ඇයි මේ තරම් අපි නිවට වෙන්නේ කියලා සමාජයේ ඉන්න පුද්ගලයෙක් හැටියට.ඒ තැනට මාව, අපිව ගෙනල්ලා නිවටයෝ බවට පත් කළේ ITN එකේ ඉන්න කිහිප දෙනෙක්. මට පළවෙනුව හිත රිදුනු දවස තමයි සරත් ෆොන්සේකා මහත්මයා ඉඩියමින්ට සම කරන කොට, මට එදා හිතුනා අපි මේ කරන්නේ කොයිතරම් කුඡීත මාධ්‍යක් ද කියලා. ගිය බ්‍රහස්පතින්දා ෆේස්බුක් අඩවි වල තියෙනවා දැක්කා මඩ පත්‍ර තොගයක් සමග හසු වෙච්ච මාධ්‍යවේදියා මම හැටියට. මට ඒ වෙලාවේ තේරුණා අපිව කොච්චර පාවිච්චි කරනවද කියලා. මාස 2ක කාලයක් තිස්සේ දැඩිව ආශ්‍රය කරන අරුන් තම්බි මුත්තු කියන මගේ මිත්‍රයෙක් සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් කිව්වම මම ඔහුත් එක්ක රණ්ඩු වුණා යාළුවෙක් හැටියට. ඔහු කොළඹ ඉඳලා මඩකළපුවට ගිහිල්ලා තමයි මට කිව්වේ මේ පත්‍රිකා ටික ගෙනත් දෙන්න කියලා. මම බොරු කියන්නේ නෑ.මම බබෙක් නොවෙයිනේ පත්තර කියලා නොදැන ඉන්න. ඔබතුමන්ලා දන්නවනෙ මං මේක ගත්තෙ කොහෙන්ද කියලා. මම ඒක අරගෙන මගේ බිරිඳත් එක්ක කාර් එකෙන් යද්දි අතරමග නවත්තපු අවස්ථාවක පුද්ගලයන් පිරිසක් ඇවිත් මගෙන් ප්‍රශ්ණ කලා මං ගාව තියෙන්නේ මොනවද කියලා. මං ඒ ප්‍රශ්ණය විසඳගන්න නාරාහෙන්පිට පොලීසියට ගියා. එහිදී පොලිස් නිළධාරීන් කාගේවත් පැත්තක් ගන්නේ නැතිව පැමිණිල්ලක් ලියා ගත්තා. කාගේ හරි වැඩකට කාගේ හරි අවශ්‍යතාවයකට පළිහක් කරගත්තා මාව. මට ආව මානසික පීඩනය, මේ වගේ කී දෙනෙක් නොමග යවනවා ඇත්ද? මාධ්‍යවේදීන් විදියට අපි නොදැනුවත්ව අපිව නොමග යවන අවස්ථා තියෙන්න පුළුවන්.’

ඔහු පසුකාලීනව සහභාගී වූ වැඩසටහන් වලින් උපුටාගත් කොටස් කිහිපයක්....



ගම්මන්පිලගේ ගල් පැලෙන බොරු!!!!#NoMoreMahinda
Posted by NO More Mahinda - මහින්දට බෑ on Sunday, August 2, 2015



සන්ධානෙට කඩේ ගියත්, ටිකක් හරි මොලේ තියන අය මහින්දගේ කාලේ ඇත්ත දන්නවා.මිහින් එයාර් බංකොලොත් නෑලු!!!#NoMoreMahinda
Posted by NO More Mahinda - මහින්දට බෑ on Thursday, August 6, 2015


බැඳුම්කර සිද්ධිය | Bond issueLike>>> www.facebook.com/governorcbsl
Posted by Governor Arjuna Mahendran on Monday, August 3, 2015

Share on Google Plus