iPhone නිසා ඇපල් සමාගම අනතුරකට වැටේ?


ඇපල් ෆෝන් කියන්නේ හැමෝටම ගන්න ටිකක් අමාරු හැමෝම ගන්න ආසම ස්මාර්ට් ෆෝන් එකක්. මේ ඇපල් සමාගමේ අලෙවි ප්‍රතිශතය ප්‍රථමවතාවට අඩුවෙලාලු.

මෙහෙම අඩුවෙලා තියෙන්නේ ඇපල් සමාගමේ හොඳම නිෂ්පාදනයක් වන iPhone අලෙවි ප්‍රතිශතයයි.

2007 අවුරුද්දේ වෙළෙඳපොළට හඳුන්වා දුන් iPhone අලෙවිය අවුරුද්දේ අවසන් කාර්තුව වෙනකොට පළමු වරට වාර්තාගත පහළයාමක් පෙන්නුම් කරන්න පුළුවන් කියලා විශ්ලේෂකයෝ අනතුරු අඟවනවා.

ඇපල් සමාගමේ ප්‍රධානි ටිම් කූක් කියන්නේ නම්, සෑම අවස්ථාවකම වාර්තාගත විකුණුම් iPhone , ඔරලෝසු සහ ඇපල් ටී.වී. ඉදිරියෙන් ඉන්නවා කියලා.

ඒ වුණාට එම සමාගමේ මූල්‍ය පිළිබඳ ප්‍රධානී ලුකා මයෙස්ට්‍රි කියන්නේ, සමාගම මේ වෙනකොට ඉතාමත් අපහසු සාර්ව ආර්ථික තත්ත්වයක පසුවෙනවා කියලා.

ඔහු වැඩිදුරටත් කියන්නේ, iPhone අංශයේ ලාභය මෙම කාර්තුව තුළ පහළ වැටුණ ද සමාගමට එය එතරම් බලපෑමක් වෙන්නේ නෑ කියලා.

Share on Google Plus