ඔක්කොටම හිරුණිකාගේ සැමියා හිරාන් යටෝවිට උත්තර දෙයි.


• හිරාන්, හිරුණිකාට තියෙනවා කිව්ව ලොකු බලයේ හයිය පෙන්නන්න ගිහින් අසල් වැසියොත් එක්කත් කේස් එකක් දා ගත්තා කියන්නේ ඇත්තද?

කිසිම කේස් එකක් දා ගත්තෙ නෑ. මගේ වාහනේ පදවගෙන එනකොට ඒ වාහනේ පාර හිර කරලා නවත්තලා තිබුණා. මම කිව්වා ඒ වෙලේ පොඩ්ඩක් පස්සට ගන්න කියලා. එයා කෑගහගෙන ආවා ඇයි මං පස්සට ගන්නේ කියලා. ඊට පස්සේ අපේ ආරක්‍ෂාවට ඉන්න පොලිස් නිලධාරියාට මං කිව්වා පොඩ්ඩක් බලන්න කියලා.

• එතකොට හිරාන් චණ්ඩි පාට් දාලා නාරාහේන්පිට පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා කියන ප්‍රවෘත්තිය බොරුවක්?

මාධ්‍යවලින් යන්නේ චණ්ඩිකම් පෙන්නනවා කියලනේ. ඒ මනුස්සයා ඇවිත් කිව්වෙ හිරුණිකාත් චණ්ඩියෙක් නෙවෙයි මමත් චණ්ඩියෙක් නෙවෙයි කියලා. අපි සාමාන්‍ය මිනිස්සු කියලා. මිනිස්සු තමයි අපිට දේශපාලන බලයක් ආරෝපණය කරල තියෙන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු. ඔයා අල්ලපු ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු වෙලා නැද්ද?


• ඇයි බෝලේ මට පාස් කරන්නේ?
අපි ඔක්කොම මිනිස්සුනේ. පාරේ වාහනේ අරන් යද්දි වුණත් හරියටම මාර්ග නීති පවා පිළිපදිනවා. මම හැමතිස්සෙම පරිස්සම් වෙනවා මට මොනවාහරි වුණත් ඒක මගේ වයිෆ්ට හරි නැති නිසා.


• හිරාන් හිරුණිකා ගැන හිතලා පරිස්සම් වුණාට හිරුණිකා නම් හිටු කියලා ලෙඩ දා ගන්නවා නේද?
ප්‍රශ්න කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයකට ඇයව පැටලුවා. මාධ්‍යවලින් අනිසි විදියට ඉතාම සුළු සිද්ධියක් ලොකු කරලා පෙන්නුවා.
• පිටට රළු පරළු වුණාට ඇය හරි සියුමැලියි කියලා කිව්වා නේද? තාමත් හිරුණිකා සියුමැලියි කියලා හිතෙනවාද?
ඇත්තටම ඔව්. මම විහිළුවට හරි බැන්නොත් කඳුළු එනවා ඇස්වලට. විහිළුවක් කළත් අඬනවා. සංවේදියි. ඒ වෙලාවට පොඩ්ඩක් තුරුලු කරන් සනසනවා.


• දෙමටගොඩ කොල්ලට කඳුළු පනින්න තර්ජනය කළෙත් ඒ සියුමැලි හිරුණිකාමද?
හිරුණිකා එහෙම කළා කියලා මම හිතන්නේ නෑ. දැනට මුකුත් ප්‍රකාශයක් ඒ ගැන කරන්න බෑ. නඩුවක් යනවනේ. අපේ අදහස්වලට වඩා අධිකරණ තීන්දුව එනකල් බලමු.


• ඒ කොල්ලව ඔෆිස් එකටනේ අරන් ගිහින් තිබුණේ?
ඒක අමූලික බොරුවක්. මම එදා දවසම හිටියේ ඇයත් එක්ක. මම දන්නවා කොච්චර බොරුවක්ද මේ මාධ්‍ය විසින් ගෙනියන්නෙ කියලා.

• ඔබත් එතැන හිටියද ඒ තර්ජනය කරන වෙලේ? ඔබත් තර්ජනය කළාද?
මම ඇයත් එක්කම හිටියේ එදා. මට මෙතනදී ඒ දේවල් කියන්න බෑ. අධිකරණයේ යනවනේ නඩුව.

• අත්අඩංගුවට ගත්තවෙලේ මොකද හිතුණේ?
මට තරහක් ආවා. මාධ්‍ය එක්ක විශේෂයෙන්ම.

• මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ. මාධ්‍ය නෙවෙයිනෙ අත්අඩංගුවට ගත්තේ?
මාධ්‍ය නිසා තමයි ඇයට එච්චර ලොකු ප්‍රෙෂර් එකක් ආවේ. කොච්චර මිනී මැරුම්, දූෂණ, වංචා තියෙනවද මේ රටේ ඔයිට වඩා. මොන සැමියද තමන්ගේ බිරිය අත්අඩංගුවට ගන්නවට කැමැති. වරදක් නොකර අත්අඩංගුවට ගන්නවට? ඒ නිසා තමයි මේ මාධ්‍යත් එක්ක මට තරහ යන්නේ. ඔය මාධ්‍ය ගැන මම හොඳට දන්නවා. සමහර මාධ්‍ය ගැන තිබුණ ගෞරවය බින්දුවටම වැටිලා තියෙන්නේ. තමන්ගේ වැරැදි හංගගන්න පොඩි දෙයක් ලොකු කරලා පෙන්නනවා.

• පුද්ගල පැහැර ගැනීමක් පොඩි දෙයක් නෙවෙයිනේ?
පැහැර ගැනීමක් නම් ඉතින් තමන්ගෙ වාහනේ යවන්නෙ නෑනේ. සාමාන්‍ය මට්ටමේ මොළයක් තියෙන කෙනෙක් වත් පැහැර ගැනීමකට තමන්ගෙ වාහනයක් යවන්නේ නෑ. එහෙම පැහැර ගෙන තමන්ගෙ ඔෆිස් එකට ඒ මනුස්සයා ගේන්නෙ නෑ. පැහැර ගැනීමක් කරනවා නම් කරන්නේ දේශපාලන වාසියක් ගන්න බලාගෙන.

• සී.සී.ටී.වී. කැමරාවත් බොරු කියලද කියන්නේ?
ඒක හරි. ඒක සත්‍යයක්. නමුත් ඇය සම්බන්ධ නෑ කිසිම දේකට. ඕනම කෙනෙක් ළඟ විවිධ සමාජ මට්ටම්වල අය වැඩ කරනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව ඔවුන් කරන දේවල් වෙනස්. වෙන අය වගේ නෙවෙයි. අපි වාහනේ හැමදේම භාර දුන්නනේ.

• ෆේස්බුක් එකේ නම් තිබුණේ හිරාන් එක්ක උදේට කාපු හිරුණිකා අත්අඩංගුවට ගත්තට පස්සේ දවල්ට කන්නත් ගෙදර ආවා කියලා. රටේ නීති පද්ධතිය ගොඩක් කාර්යක්‍ෂම වෙලා නේද?
එක දේශපාලනඥයෙක් කියල තිබුණා විනාඩි 20ක ලෝක වාර්තාවක් තිබ්බා කියලා. ඔහුත් නීතිඥයෙක්. හැබැයි අපි විතරයි දන්නේ අපි පැය ගාණක් කොච්චර දුකක් වින්දද කියලා. අත්අඩංගුවට පත් වෙච්ච වෙලාවේ ඉඳන් අපේ නිරවද්‍යතාව ඔප්පු කරන්න ලොකු දුකක් වින්දා. ඒවා මාධ්‍යයෙන් කියන්න බෑ. අධිකරණයෙන් නඩු තීන්දුව දුන්නට පස්සේ රටටම දැන ගන්න ලැබෙයි මොකද වුණේ කියලා.

• යහපාලනය ආවත් හිරුණිකාගෙ තාත්තගේ මරණයට වගකිවයුත්තෙක් තාම හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද කියන්නේ අධිකරණය ඇයව නි‍ෙදාස් කොට නිදහස් කරයි කියලා?
අනිවාර්යෙන් අධිකරණය සාධාරණයක්
ඉෂ්ට කරයි. එතුමියගේ තාත්තගේ නඩුව හොඳින් විභාග වෙමින් පවතිනවා.

• හිරුණිකා නීතිඥවරියක්ද හිරාන්?
ඇය ඇත්තටම නීතිඥවරියක් නෙවෙයි. ඇය නීතිවේදිනියක්.
•වෙනස පැහැදි කරලා දෙන්න?
නීතිවේදී කියන්නේ ඹ්ඹ්ඕ පාස්. තාම එයා දිවුරුම් දීලා නෑ නීතිඥවරියක් විදියට.

• නිල වෙබ් අඩවියෙයි, ෆේස්බුක් එකෙයි ඒබබධදඥර චබ තචඹ කියලා සඳහන් වෙනවා?
එයාගෙ නමින් ප්‍රොෆයිල්ස් ගොඩක් හදලා තියෙනවා. මිනිස්සු හිතනවා ඹ්ඹ්ඕ කියන්නේ ලෝයර් කෙනෙක් කියලා. හිරුණිකාගේ ඇත්තම ප්‍රොෆයිල් එකට ගියා නම් බලාගන්න පුළුවන් ඉබඪතත ඒබබඥදඤඪදඨ ඹ්චඹ ඛ්ධතතඥඨඥ කියලා දාල තියෙනවා.

• හිරුණිකා ගැන නෙවෙයි අපි කතා කරමුකෝ හිරාන් ගැන. පවුල් පන්සල් වුණාට පස්සේ කොහොමද ජීවිතේ? නිරූපණයෙනුත් අෑත් වෙලා. හිරුණිකා හිරාන්වත් බය කරගෙන තහංචි දාලද තියෙන්නේ?
ඕනම වයිෆ් කෙනෙක් තහංචි දානවනේ.

• හිරුණිකා හිරාන්ව පාලනය කරනවා?
නෑ. නෑ. එහෙම එකක් නෑ. එයාට හානියක් වෙන කිසිදෙයක් මම කරන්නේ නෑ. මට හානියක් වෙන කිසිදෙයක් ඇය කරන්නේ නෑ. සියල්ලටම කලින් අපිට වැදගත් අපේ පවුල. නිරූපණය අත ඇරලා නෙවෙයි. ෆැෂන් ෂෝ දැන් කරන්නේ තෝරා බේරාගෙන. රඟපෑම ගැන නම් ආපහු මගේ අදහසක් ඇති වෙලා තියෙන්නේ.

• බොරු නැතුව ඇත්තම කියමු. හිරුණිකා කියන්නේ පිරිමින්ව යටත් කරගෙන බය කරගෙන ඉන්න හදන කෙල්ලෙක් නේද?
නෑ. ඇය සාමාන්‍ය කෙල්ලෙක්. මීඩියාවලින් තමයි හැමදේම උලුප්පලා පෙන්නන්නේ.

• ඇය හැමතැනම කිව්වෙත් ලෝයර් කෙනෙක් කියලනේ.
කොහේවත් කිව්වෙ නෑ. ලෝ කොලේජ් එකේ වසර තුනක් සම්පූර්ණ කරන්න ඕන.


සුභාෂිණී ගුණරත්න

Share on Google Plus