අයියෝ සිරි හොකී නෑ අසිරි.


පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන දොළෙස්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලිය පෙබරවාරී මස 7 වැනිදා සිට 14 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම හොකී තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙස පත්කර ඇත්තේ බී. ජී. ආර්. ෆර්නැන්ඩෝ නම් තැනැත්තෙකි.

මොහු ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයාගේ අනුග්‍රහය යටතේ තරඟ සංචාරයන්ට එක්වුවෙකු බවට චෝදනා එල්ල වී ඇති අතර සුදුසුකම සපුරන ලද නිලධාරියෙකු ද නොවන බව ද සැලකේ.

එසේම ආසියානු හොකී සම්මේලනයේ කැඳවීමක් බව පවසමින් මෙම සංචාරයට ඊට එක්වූ තවත් පුද්ගලයෙකු පිළිබඳව ද  අපට වාර්තා වේ. 

ඒ එම්. එම්. ලාහීර් නම් තරංග තීරක වරයෙකි. මොහුට වඩා සුදුසුකම් ඇති සහ දක්ෂයින් සිටිය දී මෙම පුද්ගලයා අදාළ සංචාරයට සහභාගී වන්නේ කෙසේ ද යන්න ද ගැටලුවකි.

අනෙක් අතට මෙම සංචාරයට කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝ්රා ගැනීමේ තරග වෙනුවෙන් පත්කර තිබු තේරීම් කමිටුවේ නියෝජන සම්පුර්ණයෙන් ම පාහේ විකුර්තියකි.

ඒ, අදාළ කමිටුවේ සාමාජිකයන් 5න් 3ක් ම් රාජ්‍ය සේවා හොකී සංගමය නියෝජනය කරමින් පත් කර තිබීමය.

එම කමිටුවේ ඉතිරී සාමාජිකයන් වුයේ බදුල්ල සහ කොළඹ හොකී සංගම් වල නියෝජිතයන් දෙදෙනෙකි. 

නමුත් දිවයින පුරා ක්‍රියාකාරී හොකී සංගම් 13ක් පමණ සක්‍රීයව ඇති නමුත් එක් සංගමයකින් සාමාජිකයන් 3ක් පත් කිරීමේ අරමුණ පැහැදිලි වුයේ අවසන් කණ්ඩායම නම් කිරීමත් සමඟය.

ඊට මෙරට ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම නම් ඇතුලත් නොවූ අතර එම තීරණය ගත් තේරීම් කමිටුවේ සභාපතිවරයා වුයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශන විජේසිංහ නම් අයෙකි.

කෙසේ නමුත් අපට අවසානයේ කීමට ඇත්තේ මෙවැනි තත්වයක් හමුවේ ලංකාවේ හොකී වලට 'දයා සරණ' වත් නැතැයි කියාය.


Share on Google Plus