ජනපති පදවි ප්‍රාප්තියේ ප්‍රධාන දේශනය ගාන්ධි මුණුපුරාගෙන්.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම වෙනුවෙන් සංවිධානය කරන විශේෂ ජාතික සැමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

ඉන්දීය නිදහස් සටහනේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගෝපාල් ක්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයෙකු ද වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට දෙස් විදෙස් නියෝජිතයින්ට ද ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. 

Share on Google Plus