'අපේ ප්‍රොජෙක්ට් එක ඥානසාර හයිජැක් කරා'


පහුගිය අඟහරුවාදා හෝමාගම උසාවියේ ඥානසාර ඩ්‍රාම එකෙන් පස්සෙ ඒ ගැන කළකිරුණු හාමුදුරුවරු දෙන්නෙක් මෙන්න මෙහෙම දුරකතනයෙන් කතා කරාලු. සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් තවත් හාමුදුරු කෙනෙක්ව අමතන්නෙ 'භන්තෙ' කියලා. ඒත් ඉත්තෑවො ඉන්න කන්දකින් ආපු මේ හාමුදුරුවෝ මහින්දගේ තුරුල්..ලේ ඉන්න සිංහ..ලේ මැඩිල්..ලේව ඇමතුවේ 'මල්ලි' කියලාලු.

'බලපං මල්ලි ඥානසාරය කෙලිය නේ තාප්පෙට. මූ මටවත් කියන්නැතුව නේ එදා උසාවි ආවෙ.' 

'ඒකනෙ ඉත්තෑ අයියෙ, අපි එදා නුවර ගිය නිසා මට උසාවි එන්ඩ බැරිඋනා. ලංකාවේ මුලු මාධ්‍යම එදා අපේ පාගමන ගැන උදේවරුවෙ කතාකරේ. ඥානසාර ලොක්කා තමයි දවසකටවත් මිනිහා. හැන්දෑ වෙද්දි රටේම මාධ්‍ය මිනිහ වටේ.'

'ඇත්තටම කියනව නං මැඩි මල්ලියේ, මේක උසාවි එනව කියල මම කලින් දැනගත්ත නං ඌට ඉස්සෙල්ල මං ඕක කරන්නෙ. අපි දෙන්න නේ බං මුල ඉඳලම ඔය නඩුවට රණවිරුවො වෙනුවෙන් බඩගෑවෙ. ඒකාබද්ධ විපක්ෂෙ කට්ටියව එක්කං ගියේ. මූ මේ කොහෙද ඉඳල එකපාරටම ඇවිල්ලා අපේ බඩගෝස්තරේට කෙලියා. මූ කළොත් කරන්නෙ මේ වගේ කුප්ප වැඩක්මයි.'

'හැබැයි ඉත්තෑ අයියේ ඕක ඥානසාරයා තනියෙන් කරන්නෑ. ඒක මට බුදු ෂුවර්. අයියට මතකද බොබසේ කට්ටිය 18 වෙනි සඳුදා රජයේ ඉහළම මෑන් කෙනෙක් හම්බවෙන්න ගියා. මං හිතන්නෙ ඔය වැඩේ ප්ලෑන් කරේ එතනදී. ටොප්මෑන් කියන්ඩැති ඥානසාර හාමුදුරුවෝ අනිත් සංවිධාන එළවලා වැඩේ අතට ගන්ඩ කියලා. ඒක තමයි සිද්ධඋනේ.'

'අම්මද බොල මල්ලියේ, උඹේ කටේ මසුරං දාන්න වටිනවා. එකත් එකටම ඥානයට හෙන ගැහුව වගේ රණවිරුවො මතක් උනේ ඒක නිසා තමයි. උඹ හරි මල්ලි, උඹ හරි. මෑන් මං දන්න පොරකටත් කියල තියනවා ''මේව හරියන්නෑ මහත්තෙයෝ, බලන්ඩකෝ 25 වෙනිදට මම හොඳ බාල්දියක් පෙරළගෙන ඇතුළට යනවා'' කියලා. දැං තමයි මට ඒ කතාව මීටර් උනේ මැඩි මල්ලී.'

'ඒක තමයි ඉත්තෑ අයියෙ, මහින්ද මහත්තය අපි දෙන්නට බාරදුන්න රණවිරු ප්‍රොජෙක්ට් එක ඥානසාර හයිජැක් කරා නෙ. මහින්ද මහත්තයටත් මලපැනල ඉන්නෙ, එතුමගෙ හැම ප්‍රොජෙක්ට් එකම ඥානසාර බකල් කරනවා කියලා.'

'ඇත්තමයි මල්ලි, ඔය ඥානසාර හිටියෙ නැත්තං මහින්ද මහත්තය තාම ජනාධිපති. අපි-උඹලටත් හොඳ කාලයක් ගෙවන්ඩ තිබ්බා. කමක් නෑ, ගේම අතාරින්නැතුව ට්‍රයිඑක දාමු දිගටම' යනුවෙන් පවසා ඉත්තෑවන් සිටින කන්දේ හාමුදුරුවෝ තම 'වීරවංශ ස්මාට් ෆෝන්' එකේ කෝල්එක කට් කරාලු.

Share on Google Plus