පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට.


හෝමාගම පොලිසියට පෙරවරුවේ භාරවුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනියි.

අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඊයේ (25) නියෝග කළා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා.  නඩු විභාගයට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

නඩුව විභාග වන අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද එක්ව තිබෙනවා. නඩු විභාගය අවසන් වීමෙන් පසු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇයට තර්ජනය කර ඇති බව සදහන්.

ඒ පිළිබදව ඇයගේ නීතිඥයින් අධිකරණයට දැන්වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Share on Google Plus