මුදල් අවභාවිතාව : සජිත්ට එරෙහි පැමිණිල්ල ගැන FCID නිහඬයි.


මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ගෙන්වා ප්‍රශ්න කළ ද තම සංගමය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විමර්ශනයක්‌ නොකරන්නේ මන්දැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය විමසා සිටී.බත්තරමුල්ල සමෘද්ධි ශාලාවේ ඊයේ (06 දා) මාධ්‍ය හමුවක්‌ කැඳවමින් සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී එස්‌. ඒ. ඩී. ජගත් කුමාර මහතා එලෙස විමසා සිsටියේය.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඒ මහතා, 

"අපි දන්න විදිහට බැසිල් රාජපක්‍ෂ මහතා හිතුමතේ මුදල් වියදම් කරල නෑ. අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ඇතිවයි මුදල් වියදම් කළේ. සජිත් ප්‍රේමදාස මහතා හිතුවක්‌කාරි ලෙස ඔහුගේ හිතවතුන්ට සමෘද්ධි මුදල් බෙදා දුන් බවට තොරතුරු හෙළි වුණා. අපි ඒ ගැන මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කළත් කිසිදු විමර්ශනයක්‌ කළේ නෑ. ඒකෙන්ම පෙනෙනවා යහපාලන ආණ්‌ඩුව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පිහිටුවා ගත්තේ විරුද්ධවාදීන්ගෙන් පළි ගන්න කියලා. සජිත් ප්‍රේමදාස මහතාට සමෘද්ධි අමාත්‍යාංශය අහිමි වුණෙත් අප ඔහුට විරුද්ධව කළ පැමිණිල්ල සත්‍ය නිසා යෑයි ද ජගත් කුමාර මහතා සඳහන් කළේය.

Share on Google Plus