ෆේස්බුක් එකේ තාක්ෂණික විප්ලවයක් – සියලුම ෆෝන් නම්බර් අහකට.


ෆේස්බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. ඒ තරමට අපේ සාමාන්‍ය ජිවිතයට මේ ෆේස්බුක් ඇතුල් වෙලා. මිනිස්සු හුදකලාවෙන්න පටන් අරන් ඒකට වගකියන්න ඕනේ ෆේස්බුක් කියලා කිව්වට ඒකට වග කියන්න ඕනේ ඒක පාවිච්චි කරන අය. හරි හරි අපි ලොකු කතාවක් කියන්න යනවා නෙමේ. ෆේස්බුක් සමාගම 2016දි තාක්ෂණික විප්ලවයක් කරන්න හදනවා. ඒ ගැනයි අපි මේ ඔයාලට කියන්න හදන්නේ.

දැනට මිලියන 800 ක් විතර පාවිච්චි කරන ෆේස් බුක් මැසෙන්ජර් නමැති ජංගම දුරකථන ඇප් එක තව ටිකක් සංවර්ධන කරන්න හදන එක තමා ෆේස්බුක් එකේ නවතම විප්ලවය.

මේ නිසා ලෝකයේම දුරකථන අංක වෙනුවට පුද්ගල සන්නිවේදනය අලූත් කරවන ක්‍රමයක් හඳුන්වාදෙන්න ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වෙනවලු.

මේ ඇප් ඒකෙන් දුරකථන ඇමතුම් ලබාගැනීමට,පටිගත කළ හඬ යැවීමට, වීඩියෝ යැවීමට, ඡායාරූප යැවීමට දැනට පුළුවන්. නමුත් මේවා තවත් වැඩිදියුණු කරන්න මෙයාල පියවර ගන්නවලු. ඒ වගේම මේ ඇප් ඒකෙන් මුදල් හුවමාරු කිරීමටද හැකි වන ලෙස වැඩිදියුණු කරනවලු.

එහෙනම් මේ අවුරුද්දේ ෆේස්බුක් තව තවත් අපේ ජීවිතවලට ලං වේවි. හැබැයි ඔබ ඔබේ ලෝකය අමතක නොකර ෆේස්බුක් පාවිච්චි කරන්න…






Share on Google Plus