පුරප්පාඩුවට පාර්ලිමේන්තු යන්නේ කවුද? - තරුණ මුල් පුටුවකුත් නම් අතර. (Exclusive)


එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය ඒ ආර් ඒ හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සදහා පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නැහැ. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (21) පැවැත්වෙනවා. ඒ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන්. 

වෛද්‍ය ඒ ආර් ඒ හෆීස් මහතා එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියද ඔහු නියෝජනය කරන්නේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. හෆීස් මහතා, මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සොහොයුරෙකුද වනවා.

දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ පක්‍ෂයේ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි. 

මේ අතර එම් කේ ඒ ඩි එස් ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන්ද පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා ද මේ වන විට නම් කිහිපයක් ම යෝජනා වී තිබේ.

ඒ අතර රෝසි සේනානායක, උපුල් ශාන්ත සන්නස්ගල සහ අසාද් සාලි යන අයගේ නම් ප්‍රමුඛ ස්ථානයක ඇතැයි Info Sri Lanka News වෙත විශේෂයෙන් වාර්තා වේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ජාතික තරුණ සේවා සභාවේ මුල් පුටුවක් දරන පුද්ගලයෙකුගේ නමක් ද එම මන්ත්‍රී ධුරය සඳහා යෝජනා වී තිබේ.

අග්‍රාමාත්‍යයවරයා මෙරට පැමිණි පසු අදාල පත් වීම සිදු කිරීමට නියමිත අතර බොහෝ විට එම පුරප්පාඩුවට අසාද් සාලි මහතා තේරී පත්වනු ඇති බවට Info Sri Lanka News වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා විය.



Share on Google Plus