තාජුදීන් ගැන හොරාගේ යාලුවාගෙන් පෙන ඇසීම. (Exclusive)


රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ අභිරහස් ඝාතනය සමබන්ධ පරීක්ෂණ සිදු කරන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් එම සිදියට සම්බන්ධ CCTV දත්ත පරික්ෂා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක ඒකකයට ලබාදුන් බව මැතක දී විද්‍යුත් මාද්‍ය ඔස්සේ ප්‍රචාරය විය. පසුව සති කිහිපයකට පසු  කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක ඒකකය තමන් සතු තාක්ෂණය මේ පිලිබඳ පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් නොමැති බව පවසමින් වැඩි දුරපරීක්ෂණ සඳහා FBI වෙත යවන ලෙස නිර්දේශකර නැවත එම පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ලබා දී තිබේ.

මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ දැනට  කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක ඒකකය (UCSC) හි ප්‍රධාන තනතුරු දරන පුද්ගලයින් ගේ පසුගිය රජය සමයේ ක්‍රියාකලාපයන් ය. මෙහි අධ්‍යක්ෂක ඇතුළු ප්‍රධාන කාර්ය මණ්ඩලය පත්කර ඇත්තේ පසුගිය සමයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි උග්‍ර මහින්ද වාදියකු වන ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය විසිනි. එකල ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෞරව උපාධියක් පිරිනැමීම තුලින් මෙම  ආරක්ෂක අමාත්යංශය සමඟ කොළඹ විශ්ව විද්‍යාලය සම්බන්ධ විය.

පසුගිය සරත් ෆොන්සේකා තරඟ කල ජනාධිපති වරණයේ කුප්‍රකට කොම්පුටර් ජිල්මාර්ට් චෝදනාව එල්ල වුයේ ද මෙම UCSC පරිඝනක ඒකකයටමය. තවද පසුගිය ජනාධිපති වරණයේ ද මෙම කණ්ඩායම ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය උපදෙස් පරිදි කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට විවිධ කුට උපක්‍රම යොදමින් උත්සහ කලද ඒ පිලිබඳ කල්තියා දැනුවත්ව සිටි එජාපය, ඒ පිලිබඳ කරුණු එළිදරව් කිරීම නිසා එම කුඨ ප්‍රයත්න සියල්ල සුනු විසුනු විය.

බොහෝ විද්‍යාර්ථයින් බලාපොරොත්තු වන්නේ ලංකාවේ මෙන්ම අග්නිදිග ආසියාවේම පිළිගත් ඉලෙක් ට්‍රොනික් ඉංජිනේරු පීඨයක් සහිත මොරටුව විශ්ව විද්‍යාලයෙන් මේම CCTV දත්ත පිලිබඳ නැවත පරීක්ෂණයක් සිදුකර එය ද ව්‍යර්ථ වුවහොත් පමණක් FBI වෙත යැවීම සුදුසු බවයි.  කෙසේ වෙතත් UCSC පරිඝනක ඒකකය මෙම CCTV දත්ත පරික්ෂා කිරීමට යාමේදී දී එම දත්ත කොපමණ දුරකට හානි කර ඇත්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

කෙසේවෙතත් අවසානයේ දී ජනතාව බලාපොරොත්තු වනුයේ බාහිර විශ්වවිද්‍යාල විශේෂඥන්ගේ මෙන්ම අනිකුත් දේස්  විදෙස් විශේෂඥන්ගේ දායකත්වය ලබාගත්තද, පොලිසිය තුලම තාක්ෂණික ඒකකයක් ස්ථාපනය විය යුතු බවයි. අනාගත ලෝකයේ බලාපොරොත්තුවිය හැකි අධි තාක්ෂණික අපරාධ මද පැවැත්වීමට මෙවන් ඒකකයක් අත්‍යවශ්‍ය වනු ඇත.  


-විශේෂ වාර්තාකරුවෙකු විසිණි.

Share on Google Plus