ඩලස්‌ දන්න කාන්තාවකගේ තනපට 'සිරිකොතට' විසිකරලලු.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමැති කාන්තාවගේ තනපට ගලවා අද එය සිරිකොතට විසි කර ඇති බවත්, මේ තත්ත්වයට තවදුරටත් ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රථම බල මණ්‌ඩල රැස්‌වීම ඊයේ (24 දා) යක්‌කලමුල්ල ප්‍රදේශයේ පැවැති අවස්‌ථාවට සහභාගි වෙමින් ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා එසේ පැවසිය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හෙට (26 දා) අධිකරණයට යන බවද ඔහු කියා සිටියේය.

''ආණ්‌ඩුව දැන් පළාත් පාලන මැතිවරණය කල් දාන්න හදනවා. ඒකට එරෙහිව අපි අඟහරුවාදා අධිකරණයට යන්න සූදානම් වෙනවා. අධිකරණය අපට සාධාරණයක්‌ ඉටුකරාවි කියල අපි විශ්වාස කරන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

Share on Google Plus