CSN ලොක්කා හා යෝෂිත අත්අඩංගුවට.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ඔහුගේ සහෝදරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සීඑස්එන් ක්‍රීඩා නාලිකාවට රාජ්‍ය සම්පත් යොදාගත්තේ යැයි වන චෝදනාව මත යෝෂිත අත්අඩංගුවට ගෙන ඇත්දැයි නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදීය.

නාමල් මහතා වැඩිදුරටත් කියා සිටියේ යෝෂිත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවෙන් විමසා ඇති බවයි.

මේවන විට සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන රොහාන් වැලිවිට හා ඒ.ආර්. ප්‍රනාන්දු යන දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

ඔවුන් ඇතුළුව තවත් 8 දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර  සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායකයා ලෙස කලක් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.

Share on Google Plus