"රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන් දැක්කා"


රාජපක්ෂලා විසින් හොරකම් කොට විදේශ බැංකුවල සැඟවූ කෝටි 42,656 මුදල තමන් ඇස් දෙකෙන් දුටු බව ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

පසුගියදා පැවති ජන හමුවකට සහභාගිවෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කොට තිබුණි. 

"තමුන්නාන්සේලාට ඉටු කර දෙන්න බැරි වුණු පොරොන්දු එකයි අපිට තව තියෙන්නේ. මේ රටේ ජාතික ධනය කොල්ල කාපු රාජපක්ෂ පවුළ ඇතුළු සියළු දූෂිත අයවලුන්ගේ විදෙස් රටවල තියෙන සියළු දේපල අපි නැවත අත්පත් කර ගෙන රටට ගෙනැල්ලා, සමෘද්ධි සහනාධාරය තුන් ගුණයකින් නෙමෙයි ඊටත් වැඩියෙන් වැඩි කරනව කියලා අපි කිව්වා. අන්න එච්චරයි තාම තමුන්නාන්සේලාට ඉටු කරදෙන්න බැරිවුණේ.

රුපියල් කෝටි 42,656 ක වත්කම් සියල්ල අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා..අපි වගේ රටකට ඒවා නැවත අත්පත් කරගන්න අවශ්‍යනම් ජාත්‍යන්තර රටවල උදව් උවමනා වෙනවා."


Share on Google Plus