මහින්දට දෙන්න හදපු කෝටි 75 මාළිගාව නැවතත් කරළියට.


මතකද ඔයාලට පිකොක් මන්දිරය. අර ASP ලියනගේ මහත්තයා හිටපු ජනාධිපති තුමාට දෙන්න හැදුවේ. අන්න ඒක ආයෙමත් කරළියට එන්නයි හදන්නේ.

මෙන්න මේකයි කතාව. ASP ලියනගේ මහත්තයාගේ කෝටි 75ක් වටිනා පිකොක් මන්දිරය හිටපු ජනපති මහින්ද මහත්තයාට දෙන්න හැදුවේ මහ මැතිවරණය කාලේ කියලා මතක ඇතිනේ. ඒක විතරක් නෙමේ ASP මහත්තයා නායකත්වය දරන ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කරන්න කියලා මහින්ද මහත්තයට ආරාධනවකුත් කලානේ.

හැබැයි මේ කෝටි 75ක් වටිනා පිකොක් මන්දිරය මහින්ද මහත්තයට ලබාදෙන්න හදපු එක ගැන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ආයෙත් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.

මේ නිසා අල්ලස් කොමිසම ASP මහත්තයට ලිපියකින් දන්වලා තියෙනවා ජනවාරි 4 වෙනිදා උදේ 9.30ත කොමිසම් සභාවේ පෙනීසිටින්න කියලා.

හැබැයි ඉතින් තාමත් පිකොක් මන්දිරය කාටවත් දීලත් නෑලු..




Share on Google Plus