තරුණියක පැය 22කදී 110කගෙන් දූෂණය වෙයි.


වයස අවුරුදු 14 දී බ්‍රිතාන්‍ය දැරියක්  - මව සමග ග්‍රීසියට පිටත්ව ඇත්තේ නිවාඩුවකටයි.   කෙසේ වෙතත් වැඩි දිනක් ගතවන්නට පෙර  දැරිය ලිංගික වහල් කමට ගොදුරුව තිබේ.  එතැන් සිට වසර 6ක් පුද්ගලයින්ට විකිණී ඇත. 

මේගන් ස්ටෙපන් ලෙස හඳුන්වා දී ඇති  ඇය මේ වනකොට අනාවරණ කර ඇත්තේ දිනකට පුද්ගලයින් 50ක් සමගවත් ලිංගික සේවනයේ යෙදුනු  බවයි.  ඇය වසර 6ක අතීතය සිහිපත් කරමින් පවසන්නේ වරෙක පැය 22ක්  පුද්ගලයින් 110කගේ ගොදුරක් වූ බවයි. 

කෙසේ හෝ ඇය ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදී පවුලේ පිරිස සමග යළි බ්‍රිතාන්‍යට පැමිණ ඇත. පසුව ජාත්‍යන්තර මාධ්‍ය  හමුවේ මෙම කරුණු අනාවරණ කර තිබේ. සිය අත්දැකීම් සහිත සටහන් ගොන්නක් ද  ඇය සතුය. 

මෙම තරුණිය වීදියේ ගණිකාවක් ලෙස මෙන්ම  විවිධ ජාවාරම්කරුවන් විසින් මිලදී ගෙන යළි අලෙවි කිරීමට ලක්ව ඇති බවද සඳහන්. 

ඇය මේ වන විට විවාහ වී ඇති අතර දරුවෙක් අපේක්ෂාවෙන් සිටී. 

මේ අතර ලිංගික අඩම්තේට්ටම් හේතුවෙන් අසරණ වූ පිරිසට - පිහිටවීමේ පුණ්‍යායතනයක් ගොඩ නගා ගැනීමටද තරුණිය බලාපොරොත්තුවෙයි.

Share on Google Plus