හිරුණිකා වසර 04 කට හිරේ යයි?


දෙමටගොඩ ප‍්‍රදේශයේදී කෙරුණු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය හෙට නැවත අධිකරණයට ඉදිරිපත් විය යුතු වනවා.

පොලිසිය පවසන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට චෝදනා කිහිපයක් ගොනු කළ හැකි බවයි.

රහසිගතව හා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැර ගෙන යාමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යාම සඳහා ආධාර අනුබල දීම, තුවාල සිදු කිරීම සාපරාධී බිය ගැන්වීම්, අයුතු සිරකර තැබීම, සිරකර තැබීමට තැත් කිරීමේදී අඩත්තේට්ටම් කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම මෙම චෝදනා අතර වනවා. 

මේවාට වරදකරු වන්නෙකුට වසර හතරක සිරදඬුවමක් වුවද නියමවිය හැකි බව අපරාධ නීතිය පිළිබඳ ප‍්‍රකට විද්වතෙකු වන නීතීඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. 

අදාළ පැහැර ගැනීම සිදු කෙරුණේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩර් රථයකින්. පැහැර ගැනීමට ලක්වුණේ රෙදි පිලි අලෙවි සැලක සේවකයෙක්. 


Share on Google Plus