යෝෂිත ගුටිකාලා - රෝහලේ .


ඊයේ (20) කොළඹදී පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර රග්බි තරගයේදී, හිටපු ජනාධිපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිට කොළඹ නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී. යෝෂිත රාජපක්ෂගේ මිතුරන් පවසන්නේ තරගය අතරතුර හැව්ලොක් ක්‍රීඩකයන් යෝෂිතව වටකරගෙන පහරදුන් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අවදියේ පැවති රග්බි තරගවලදී යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හෝ රෝහිත රාජපක්ෂ අසලටවත් ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට පැමිණීමට නොහැකි ආකාරයට ආරක්ෂක වලල්ලක් ක්‍රීඩකයන් විසින්ම නිර්මාණය කර තිබිණි. දැන් එවැනි ආරක්ෂාවක් නැති නිසා ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ විවිධ ඉලක්කයන්ට ඔවුන් මේ දිනවල සුලබව ගොදුරු වනු ලැබේ.

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ආරංචිමාර්ග පවසන්නේ එවැනි පහරදීමක් සිදු නොවූ බවත් එය සාමාන්‍ය ක්‍රීඩා තරගයකදී සිදුවන අනතුරක් බවත් ය. නමුදු යෝෂිතගේ මිතුරන් ඊට පටහැනි මතයක් දරයි.

Share on Google Plus