සජින් වාස් සියල්ල වමාරයි - රජ වැඩ ලබන වසරේ එළියට (VIDEO)


අපරාධ පරීක්ෂණ කොමිසමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සියල්ල වමාරා ඇති බවත් ඒ සියලු රජවරුන්ගේ දේවල් ඒ කරුණු වල ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා බේරුවල පැවති රැස්වීමකදී ය.

“හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් දැක්කාම හරි පුදුමයක් හිතෙනවා. එදා රජවරු ඒ ගොඩේ සිටිනවා. බර ගණනක් සිටින බව පේනවා.‘ යැයි හෙතෙම පැවසීය.

සජින් වාස් මන්ත්‍රීවරයා විමර්ශනවලදී ලබා දී ඇති විස්තර, බැංකු ගිණුම්, විදේශ වත්කම්, සල්ලි හම්බ කරපු හැටි පිළිබඳ ඇති ලිපි ලේඛන අනුව  එක්කෝ වෙඩි තියාගෙන මැරෙන්න වෙයිද දන්නේ නැති බව රහස් පොලිස් නිලධාරියෙකු තමන්ට පැවසූ බව අමාත්‍යවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න



Share on Google Plus