ඇමති හරීන් සිංහලේ ගැන කල ප‍්‍රකාශයක් නිසා බුකිය කැළඹේ. (Video)



විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මැතුතිමා විසින් පසුගිය දිනක පාර්ලිමෙන්තු අයවැය විවාදයේ දී  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එවකට කල ප‍්‍රකාශයක් සහ සිංහ ලේ නමින් ‍‍‍‍ෙ‍ෆස්බුක් හරහා ගෙන යන පිටුවක් ගැන අදහස් දක්වනු ලැබිනි.

ගියපාර මතකද කිව්ව හැටි මෙතන ඉදලා කොහොමද ගමේ බයියගේ වැඩ කිව්වා. කොහොමද ගමේ බයියගේ වැඩ කියලා අවුරුද්දයි ගියේ. අවුරුද්දයි ගියේ ගෙදරටම ගියා. කොහොමද ගමේ බයියගේ වැඩ කියලා. ඒ නිසා ලොකු ටෝක් දෙන්න එපා තවත්, තව ලොකු ටෝක් දීලා පරදින්න හදන්න එපා. ඒ නිසා ඔබතුමා පොඞ්ඩක් කට වහගෙන ඉන්න.

හැමදාම චාටර් වෙවි ඉන්නේ ඔච්චර තමයි වැඩිය දගලන්න එපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අලූතෙන් එකක් දාගෙන ඉන්නවා සිංහ ලේකියලා. දැන් අලූතින් ආයිත් ජාතිවාදයක් පටන් ගෙන තියෙනවා. දැන් මේ අලූත් ෆෙස්බුක් අඩවි එකකින් හදාගෙන තියෙනවා මේගොල්ලන්ගේ සෙට් එකක් සිංහ ලේ කියලා. හැබැයි මම දැක්කා අලූත් කෙනෙක් දාලා තියෙනවා වැඩිය දගලන්න එපා හොරකම් ටික ඔක්කොම එළියට ආවොත් ඇතුලේ කියලා. ඒ නිසා බයවෙන්න එපා හෙට අනිද්දාට ඇතුලේ යන්න වෙනවා. ඔය කෑගහන කට්ටිය ඔක්කොටම දගලන්ඩ ආවොත් ඔය කියන හොරකම්, මිනිමැරුම්, ඔක්කොම ටික එළියට එනවා. ඒ නිසා ඒවා මේ රටට අමතක නැහැ. මේ හොරකම් කරපු, වංචා කරපු, ¥ෂණය කරපු ඒවා මර්දනය කරන්න හම්බ වෙන්නේ නැහැ. යනුවෙන්ද,සිංහ ලේ හරහා දේශපාලන වාසියක් ගන්න හදන අය සිටින බවත් , නමුත් බයියෝ කලබල වෙලා ජාති වාදය හා දේශපාලන වාසි ගන්න උත්සහ කරනවා.  ඕව කරන තරමට තමුන්වහන්සේලා පිරිහෙනවා යනුවෙන් ප‍්‍රකාශ කරනු ලැබිනි.

මෙි නිසා  බුකිය පුරා මෙි පිලිබදව විවිධ අය විවිධ  අදහස් දැක්වීම හේතුවෙන් ගොසිප්99 අප විද්වතුන්ගේ සිංහලේ යන අර්ථය පිලිබදව අදහස් දැක්වීමට කටයුතු කරනු ලැබිනි.

ඔවුන් පවසන ආකාරයට සිංහලේ යනු සිංහයෙකුගේ ලේ නොව යක්ෂ, නාග, රාක්ෂ (අසුර) හා දේව කුල වලට අයත් අපේ මුතුන් මිත්තන් එකතුව ගොඩනැගු සිව් හෙලය හෙවත් මේ හෙල දීපයයි. සිව් හෙලය යනු කල සීහල, සිංහලේ හා සිංහලේ, සිංහල ලෙස භාවිතා කරනු ලැබූ බව  විද්වතුන්ගේ අදහසයි.

නමුත් සිංහ ලේ යනුවෙන් භාවිතා කිරීමෙිදී එය වචන දෙකක් බවත් එයින් අර්ථවත් වන්නේ සිංහයකුගේ ලේ වැන්නක් බවත් සිව් හෙලය හෙවත් සිංහලේ යන වචනය තනි වචයක් බවත් සමාජ ජාලා වෙබි පිටු හරහා මෙි දිනවල ඉදිරිපත්වන සිංහ ලේ යනුවෙන් වචන දෙකකින් දැක්විමෙන් වැටහෙන්නේ පටු ආකල්පයක් මුදුන් පමුනුවා ගැනීමට ගෙන යනු ලබන කර්තව්‍යයක් බවත් , ඔවුන් ගේ අදහස අතීතයේ පැවති සිව් හෙලය යන්න නමි එය තනි වචන්යක් ලෙස ඉස්මතු වන ආකාරයෙන් භාවිතා කලයුතු බවයි.

කලක් බොදුබල සේනා යනුවෙන් සංවිධානයක් පැවතියද ඔවුන්ගේ අරමුණ පමු දේශපාලන අරමුණක් වු බැවින්
මෙයද පටු දේශපාලන අරමුනක් මුදුන් පමුනුවා ගැනීමක්ද යන්න රටෙි ජනතාව තුල මතභේදයට තුඩු දී ඇති කරැුනක් බවත් සිංහලේ යන සංවිධානයේ ප‍්‍රධානියෙක් සම්බන්ද කර ගැනීමට ගොසිප්99 අප උත්සාහ කලද එවැනි පුද්ගයෙකුගේ කිසිදු තොරතුරක් අපවෙත ලබාගත නොහැකි වු බවත් එම පිටුව අප දැමු පනිවිඩයට කිසිදු ප‍්‍රතිචාරයක් මෙි වන විට ලැබී නොමැති බවද කනගාටුවට කරැුනක් ලෙස දැක්විය හැකිය.

2015-12-19 වන දින පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු ඇමතිතුමාගේ සිංහ ලේ ගැන කියන සමිපූර්ණ කතාව පහතින,




Share on Google Plus