තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බව හඳුනාගත් සිව් දෙනා කවුද?


රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු ආරක්‍ෂක අංශ විසින් හදුනාගෙන තිබෙනවා.

ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සොයා ගැනුණු සී.සී.ටී.වී කැමරා දර්ශන දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි.

එම සී.සී.ටී.වී කැමරා දර්ශන වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය වෙත යොමු කර තිබෙනවා.

හදුනා ගැනුණු පුද්ගලයන් සිව් දෙනාගෙන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ. 

මේ අතර තාජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රධානීන් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලබන අගහරුවාදා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක සහ එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි එස් ඒ ඩී එස් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් මෙලෙස සාක්‍ෂි සටහන් කර ගැනීමට නියමිතයි.

එමෙන්ම පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන්ගෙන්ද එලෙස සාක්‍ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.


Share on Google Plus