STARFRIENDS® සොබාදහම හා මුසුවේ.



රසිකයන්ට ප‍්‍රවෘත්ති, කතා, ගීත, වෝල්පේපර්ස්, පින්තූර, සහ වීඩියෝ යනාදී විනෝදාස්වාද සේවාවන් හරහා සිය ප‍්‍රියතම තරු සමග සම්බන්ධ වීමට අවස්ථාවක් සළසමින්, ජංගම දුරකතන, වෙබ් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සම්බන්ධ විය හැකි ශ‍්‍රී ලංකාවේ නිළ ඩිජිටල් බිහිදොර වන STARFRIENDS® 2016 වසර සඳහා සුවිශේෂී කලාත්මක ඡුායාරූප එකතුවක් 21දා කොළඹ පාක් ස්ටී‍්‍රට් මෙව්ස්හිදී හඳුන්වා දෙනු ලැබීය. සම්මානලාභී අලෙවිකරණ සමාගමක් වන ZMESSENGER ජංගම දුරකතන අවකාශය හරහා සිදු කරන සිය ව්‍යාපාර කටයුතු තව දුරටත් පුළුල් කරනු වස් මෙම නවතම දියත් කිරීම සිදු කරන ලදී. එසේම මෙම සුවිශේෂී අවස්ථාවේදී 2016 වසර සඳහා නියමිත දින දර්ශනය දියත් කිරීමටද කටයුතු යොදා තිබිණි. තවද මෙම අවස්ථාවේදී ලෝයල්ටි කාඞ්පතක් හා සුවිශේෂී වෙබ් අඩවියක් එළිදැක්වීමද සිදු විය.  STARFRIENDS® හි ෆේස් බුක් පිටුව විසින් 100,000 රසික ප‍්‍රජාවක් අතික‍්‍රමණය කරමින් එම ජයග‍්‍රහණය සැමරීමටද මෙහිදී කටයුතු යොදා තිබිණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සමාගමේ නිළධාරීන් මෙන්ම ජනප‍්‍රිය තරු රැසක් සහභාගී වූහ. එහිදී ZMESSENGER හි ප‍්‍රධාන විධායක නිළධාරිනී/සම නිර්මාතෘ ජයෝමි ලොකුලියන මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලද අතර විශේෂ අමතර සේවා ප‍්‍රධානී සශේන් ද මෙල් මහතා ලෝයල්ටි කාඞ්පත් හඳුන්වා දෙන ලදී. ජනප‍්‍රිය ගායිකා රයිනි ගුණතිලකගේ ගීතයෙන් රසවත් වූ එම සැ`ඳෑව  තවත් කලාකරුවන්ගේ විනෝදාත්මක අංග කිහිපයකින් ද වර්ණවත් විය.

ඊට අමතරව රොෂාන් රණවන, නටාෂා රත්නායක, සහ මුතු තරංගා, මේනකා මධුවන්ති,  STARFRIENDS® හි සන්නාම කළමණාකාරිනී ඉරේෂා ධර්මදාස, ඡුායාරූප ශිල්පි මීෂා සමග ආකර්ෂණීය දින දර්ශනය සඳහා වූ ඡුායාරූප රූගත කිරීමේදී ලද අත්දැකීම් හුවමාරු කර ගැනීමද විශේෂත්වයකි. ජනප‍්‍රිය නිවේදකයකු සහ ගුවන් විදුලි DJ ශිල්පියකු වන ධනූ විසින් එම තරු සමග විශේෂ කතාබහක නියැලීමද මෙහි විශේෂ අවස්ථාවකි.

මෙහිදී අදහස් දැක්වූ ජයෝමි ලොකුලියන මහත්මිය ‘‘රසික ජනතාවට එකම ස්ථානයක සිට ඔවුන්ගේ ප‍්‍රියතම ජනප‍්‍රිය තරු සමග සම්බන්ධ වෙමින් අදහස් හුවමාරු කරගත හැකි ආකාරයේ ඩිජිටල් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම අපගේ ප‍්‍රමුඛතම අරමුණයි. දැනට 120කට වැඩි ශ‍්‍රී ලාංකේය කලාකරුවන් පිරිසක් සමග විවිධාකාරයේ රසිකයන් තමන්ගේ අදහස් බෙදා හදා ගනිමින් සන්නිවේදනයේ යෙදෙනවා. වසර ගණනක් තිස්සේ ඩිජිටල් මාධ්‍ය තුළ සිදු කරන අපගේ සේවාවන්හි නවතම සේවාව ලෙස මෙය හඳුන්වා දෙන්නට අපට හැකි වුණා. දැන් රසිකයන් හට ලිඛිතව පමණක් නොව වාචිකවත් තමන් කැමති තරු සමග සන්නවේදනය කිරීමේ වටිනා අවස්ථාව උදා වී තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

STARFRIENDS® සේවාව මුලින්ම ඩයලොග් විසින් 2011 වසරේදි දියත් කරන ලද අතර මේ වන විට සියලූම ජංගම දුරකතන පාරිභෝගිකයන් භාවිත කරනු ලබයි. ආරම්භයේදී අකුරු පමණක් යොදා සිදු කළ සන්නිවේදනයට වීඩියෝ, පින්තූර වැනි නවීන තාක්‍ෂණික විශේෂාංගයන් යොදා ගනිමින් වඩා වැඩි අත්දැකීමක් රසිකයාට ලබා දෙන්නට කටයුතු කරනු ලැබීය. වර්තමානයේදී  STARFRIENDS® තුළින් ලොව පුරා සිටින ජනප‍්‍රිය තරු සමග අදහස් බෙදා හදා ගැනීමේ අවස්ථාව රසිකයන් වෙත උදා කර දී ඇත. 










































































Share on Google Plus