Star Wars මගේ කතාව.


මේ කතාව අපිට ලියලා එව්වේ ලංකාවේ ප්‍රකට වගේම දක්ෂ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විසින්.... 

"December 18 අලුත් star wars චිත්‍රපටය ලොව පුරා තිරගතවීම ඇරඹෙනවා.  May 16, 2002 තමයි star wars episode ii attack of the clones රිලීස් උනේ, මේ ඒ කතාවට සමාන්තරව ගිය මගේ කතාවයි.

ඒ දවස් වල මම ආදරේ කරපු කෙල්ලෙක් හිටියා. අපි දෙන්නා කොහොම හරි හේතුවක් හදාගන හැමදාම වගේ පන්ති නැතත් කැම්පස් එකට ආවා. අපි දෙන්න එකටමයි හිටියේ. එයා අපේ සම්බන්ධයට ලස්සන නමකුත් කිව්වා. ඒ තමයි අමුම අමු බොරු වචනයක් උන "Friendship".   කාලයක්ම වහගන එපෙයාර් කරලා සැවෝයි එක ඇරපු අලුත. ඒ තරම් ලස්සන ෆිල්ම් හෝල් එකක් මම ලංකාවේ කොහෙවත් දැකල තිබුනේ නැහැ. මුලින්ම ඒකෙ තිරගත උනේ Star wars -Attack of the Clones චිත්‍රපටිය. නිතර නිතර මම එයාට කොහේ හරි අපි යමු කිව්වට එයා කෙනෙක්ව බඳින්න හිටපු නිසා ඒ එකකටවත් කැමති උනේ නැහැ. ඒත් අන්තිමට ෆිල්ම් එකක්  බලන්න යන්න කැමති උනා. මම ස්ටාර්වොස් පිස්සෙක් නිසා මම එයාව සැවෝයි එක්කගන ගියා. අලුතෙන් හදපු හෝල් එකේ සුවදත් එක්ක එයාගේ සුවඳ එකතු උනාම මට හිතාගන්න බැහැ දැන් ඊළඟට මොකද වෙන්නේ කියල. ඔන්න ෆිල්ම් එක පටන් ගත්තා. There is unrest in the Galactic Senate. එකෙන්ම... එකනේ මාත් එක්ක ආවේ. Several thousand star systems have declared their intentions to leave the Republic මටත් වෙන්න ඕන ඔය ටිකම තමයි. මටත් ඕන මේ සෙට් වෙලා ඉන්න එකාව හලාගන්න. This Seperatist movement, led by the mysterious Count Dooku, එහෙම කිව්වට මේ කතාවේ හිටියේ Count Dooku නෙවෙයි මම. has made it difficult for the limited number of Jedi Knights to maintain peace and order in the galaxy. මොකද ඔය බඳින්න හිටපු එකා හිටියේ හුඟක් දුර. ඉතිං ඕඩර් එක අප්සට් නොයා තියේවිද? Senator Amidala, the former Queen of Naboo ඒ තමයි මගේ කෙල්ල.is returning to the Senate to vote on the critical issue කිව්වට ආවේ කෝච්චියෙන් කැම්පස් එකට creating an ARMY OF THE REPUBLIC to assist the overwhelmed Jedi... ඒ ඉතිං ෆිල්ම් එකේ. නමුත් ඇත්තටම ආවේ අසයින්මන්ට් එකක් කැම්පස් එකට බාරදෙන්න.

කතාව යන අතරතුර මම හිමින් එයාගේ කර වටේට ඇත දැම්මා. එයා මගේ දිහා බැලුවා. කලුවරේ එයාගේ ඇස් දිලිසෙනවා. මම හිමිහිට මගේ මුණ තවත් එයාට ලං කරා. එයා ඇස් පියාගත්තා.  අපි හෝල් එකට එද්දී ගෙනාව ටිපිටිප් එකේ ලුණු රහ මට තාම මතකයි.

ෆිල්ම් එකේ වටේටම දිය ඇලි ගලාගන යනවා.....

PADMÉ
I don't know...මම දන්නේ නැහැ

ANAKIN
Sure you do... you just don't want to tell me.
මම දන්නවා ....ඔයාට දෙයක් තියෙනවා මට කියන්න.

PADMÉ
Are you going to use one of your Jedi mind tricks on me?

ANAKIN
Jedi කෙනෙක් නොවුනත් මටත් ට්‍රික්ස් තියෙනවා. ඒත් ඒවා ඔයා ඉස්සරහ  වැඩකරන්නේ නැහැ.They only work on the weak-minded.

මෙහෙම කිව්වේ කතාවේ නමුත් මගේ කතාවත් ඒකමයි ,,,ඒ නිසා මොකටද මගේ ඩයලොග්. .

ඔයා කියන්න මම අහගන ඉන්නම්.

 PADMÉ
All right... his name was Palo.(කතාවේ ) I was twelve. We were both in the Legislative Youth Program.(මේ කතාවේ දෙන්නම එකම පළාතේ. උදේ හවස හම්බවෙනවා.ගියේ ආවෙත් එකට ) He was a few years older then I... very cute... dark curly hair... dreamy eyes.

ඉතිං......  ඔන්න ඔහොමයි එයාගේ විස්තර.

ANAKIN
All right, I get the picture... whatever happened to him?
මට හිතාගන්න පුළුවන් දැන් එයා ගැන.

PADMÉ
I went on to become a Queen. He went on to become an artist.
කතා දෙකම එක වගේ යන්නේ.... වෙනසකට තියෙන්නේ කෙල්ලට ඕන රැජිනක් වෙන්න නෙවෙයි ඉගෙනගන්න. මට ඕන ඉක්මනට මෙයාව මගේ කරගන්න.

May I tell you something?......  මම ඔයාට දෙයක් කියන්නද?

I don't know. එතකොට මම කොහොමද කියන්නේ

Then how can I tell you? ඔයාට පුළුවන් .... Maybe you should use your Jedi intuition.

මට ඔයා ළඟ ඉන්නකොට මුකුත් කියාගන්න බැහැ ...It doesn't work around you. My mind is always a muddle... I can only think of you.

එයා ගන්න හැම හුස්මක්ම මට ඇහෙනවා. එයාගේ හාට් එක ගැහෙන හැටි මගේ අතට දැනෙනවා.

From the moment I met you, all those years ago, a day hasn't gone by when I haven't thought of you. And now that I'm close to you again, I'm in agony. The closer I get to you, the worse it gets. The thought of not being with you mskes my stomach turn over - my mouth goes dry. I feel dizzy. I can't breathe.

I'm haunted by the kiss you should never have given me. My heart is beating, hoping that kiss will not become a scar. You are in my very soul, tormenting me. What can I do? I will do anything you ask...

මුලු  හෝල් එකත් නිහඩයි .... මාත් නිහඩයි.

ෆිල්ම් එකේ පසුබිමේ දරකොට ඇවිලිලා රස්නේ දෙනවා,... .මම කියපු දේ නිසා මගේ මුළු ඇඟම සිතල වෙලා ඒමදිවට  හෝල් එකේ ඒසී එක මාව තවත් හීතල  කරනවා

Anakin, don't... ඔයා එපා ඔහොම කියන්න.

If you are suffering as much as I am, tell me.  ඔයා එහෙම නෙවෙයි කියලද  ඔය කියන්න හදන්නේ  ?

 PADME
ඔව් මම මගේ තොල් ඔයාට  නොදී ඉන්න තිබුනා. මම දන්නවා මම කරපු දේ වරදී ...I can't. We can't. It's just not possible.

ANAKIN
Anything's possible. Padme, please listen...මම කියන දේ අහන්න. මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයා කියන ඕන දෙයක්.

PADME ඔයා මම කියන දේ අහන්න.
You listen. We live in a real world. Come back to it. You're studying to become a Jedi Knight. I'm a Senator.මගේ කතාවේ මම Jedi Knight  වෙන්න ඉගෙන ගත්තේ නැහැ. එයා වෙන කෙනෙක්ව බඳින්න රෙජිස්ට වෙලා හිටියා.  If you follow your thoughts through to conclusion, they will take us to a place we cannot go...ඔයා මගේ ගැන ඔහොම  හිතාගන ඉන්න එපා . අන්තිමට ඔයාට ඔයාවත් නැති වෙලා යාවි  regardless of the way we feel about each other.

හැඟීම් වලට යටවෙලා එහෙම දෙයක් කරලා අපි ලෝකෙට මුණ දෙන්නේ කොහොමද ?

ANAKIN
Then you do feel something! There's an extraordinary connection between us. මට ඔයා ගැන තියෙන හැඟීමම ඔයාටත් මගේ ගැන තියෙනවා You can't deny that. නැහැ කියන්න එපා. .

PADME
Annie, it doesn't make any difference. Jedi aren't allowed to marry. You swore an oath, remember? You'd be expelled from the Order. I will not let you give up your responsibilities... your future, for me.
මම නිසා එයා එයාගේ ජිවිතේ  හුගක් දේවල් වෙනස් කරලා තියෙනව. අපි  දෙන්නගේ අනාගතේ ගැන විතරක් හිතලා තීරණ අරගන තියෙනව . අපි  දෙන්නගේ අනාගතේ එයා ප්ලෑන් කරල තියෙන්නේ . මම ඔයා කියන දේ  කලොත් අපිදෙන්නාම විනාස වෙලා යාවි. කවදා හරි දවසක ඔයා මට කියාවි මම  නිසා  ඔයාගේ ජිවිතේ විනාශ උනා කියල.
මට එහෙම වෙන්න දෙන්න බැහැ ,

ANAKIN
That is something I know I cannot do. I wish I could wish my feelings away... but I can't.
මට ඔයා වෙනුවෙන් තියෙන හැඟීම් විසිකරලා දාන්න  කියලද ඔයා කියන්නේ එහෙම  පුළුවන් උනානම් මම දැනටමත් එහෙම කරලා. ඒත්  මට ඒක කරන්න බැහැ .

PADME
I am not going to give into this. I'm not going to throw my life away. I have more important things to do than fall in love.
බැහැ .... මට ඔයා කියන දේ කරන්න බැහැ... දැන් පරක්කු වැඩියි.... මට බැහැ  ඔයාට ආදරේ කරන්න.

හෝල් එකම නිහඬයි.

ANAKIN
It wouldn't have to be that way... we could keep it a secret.
එහෙමනම් අපිට පුළුවන් අපේ ආදරේ අපි දෙන්න විතරක් දන්නා දෙයක් විදිහට තියාගන්න. වෙන කව්රුවත් ඒක දැනගන්න ඕන නැහැ.

PADME
Then we'd be living a lie -  Could you, Anakin? Could you live like that?
කියන්න ඔයාට එහෙම ඉන්න පුලුවන්ද? .... මට නම් බැහැ ... ඇත්ත කියන්න... ඔයාට පුලුවන්ද මාව දකිද්දී එහෙම ඉන්න?
එයා මගේ උරෙන් ඈත් වෙලා පුටුවේ ඈතට ගිහිං මගෙන් ඇහුවා.

ANAKIN
No, you're right. It would destroy us.
ඔයා හරි. එහෙම ඉන්න බැහැ ... ඒකෙන්  වෙන්නේ අපි දෙන්නම නැතිවෙන එක."


Share on Google Plus