SF ගැන විජයදාසගෙන් කාන්තා චෝදනාවක්. (Exclusive)


පසුගිය දා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සබඳතා පැවැත්වූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය.

ඒ 2006 වසරේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ සිය දරුපවුලද ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා සිය දරු පවුලද ඩිස්නිලන්තයේ සංචාරය කළ බවටයි.

එම සංචාරයේ සියලු වියදම් සේනාධිපති විසින් දැරූ බවටත් චෝදනා කල ඔහු එම විනෝද සවාරිය සනාත කරන ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

කෙසේ නමුත් මෙම හෙළිදරව්වට පිළිතුරු ලෙස විජයදාස රාජපක්ෂ පාර්ශවයෙන් ද සරත් ෆොන්සේකා මහතා වෙත චෝදනාවක් එල්ල කිරීමට සුදානම් බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ කාන්තාවක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම චෝදනාව විජයදාස රාජපක්ෂ පාර්ශවය නියම් හෝ අනියම් ආකාරයෙන් සිදුකරනු ඇතිබවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.


Share on Google Plus