SAITM ගැන සාකච්ඡාවක්.


මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වෙන බව වාර්තා වේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩුවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය සභාවේ නියෝජිතයින් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වන බව පැවසේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්‍රබල විරෝධයක් රටතුළ ගොඩනැගී තිබෙන අතර රාජපක්ෂ පාලන සමයේ ආශිර්වාදය හා ආරක්ෂාව යටතේ මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉදිකරනු ලැබීය. ඊට එරෙහිව වෛද්‍ය සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් දැවැන්ත විරෝධතාවයක් ගෙන ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන තෙක් වෛද්‍ය සභාවේ අනුමැතිය එයට හිමි වී නොමැත.

පසුගියදා සෞඛ්‍ය ඇමතිවරයා සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සමග නැවතත් දැඩි කතා බහක් මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව තිබේ. වත්මන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබලයින් රැසකගේ පවුල්වල සාමාජිකයින් රැසක් මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.


Share on Google Plus