ඇමති ධූර වෙනස් වීම ගැන රාජිතගෙන් ඉඟියක්.


යහපාලන හවුල් ආණ්ඩුවේ 2016 වසරේ කැබිනට් අමාත්‍ය ධූරවල වෙනස් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා කිසියම් ඉඟියක් ලබා දී තිබේ.

ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ හවුල් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවහොත් ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඔවුන්ගේ අමාත්‍ය ධූරයන්ගේ වෙනසක් සිදු විය හැකි බවය.  එලෙස චෝදනා එල්ල වී සිටින පිරිස අතර එජාපයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම සිටින අතර මුදල් ඇමති රවී කරුණානයක මහතා ඉදිරියෙන්ම සිටී.

වත්මන් හවුල් ආණ්ඩුව තුළ රාජපක්ෂ පාලන සමයේ බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබූ ඇමතිවරුන් රැසකකට ඇමති ධූර දරන අතර ඔවුන් එරෙහිව කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොවීම පිළිබඳව හවුල් ආණ්ඩුවට බරපතල විරෝධයක් එල්ල වී තිබේ.

Share on Google Plus