සජිත්ගේ නායකත්ව සිහිනය කුඩුවෙයි.


එක්සත් ජාති පක්ෂයේ නායකත්වයේ තවත් වසර 10ක් පමණ රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකි වන ආකාරයෙන් නැවත වරක් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක් නියෝජ්‍ය නායකත්වයක් වෙනුවට දෙවන පෙළක් හා තෙවැනි පෙළක් ගොඩනැගීමට සෑම දෙනාම එක්ව වැඩකටයුතු සිදුකරන ලෙසය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කටයුතු කරන අතර කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක්ද ක්‍රියාත්මක වේ.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනය තුළින් නියෝජ්‍ය නායක ධූරය මෙන්ම නායකත්ව මණ්ඩලයද අහෝසි කිරීමට නියමිත බව පැවසේ.

රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ නායකත්වයට පත්වීම සඳහා දැඩි අරගලයක් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ගිය අතර එය අවසන් වූයේ එජාපයේ ප්‍රබලයින් රැසක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළට යැවීමෙනි.

Share on Google Plus