සාමාන්‍යපෙළටත් රාහු ලබයි.


සාමාන්‍යපෙළ විභාගය සතියේ පළමු දිනය වන ඊයේ ආරම්භ නොකර අද (08) ආරම්භ කිරීමට කාලසටහන සකස් වීම පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී ඊයේ (07) අදහස් පළ වුණා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පැවසුවේ ජ්‍යෝතිෂමය හේතුවක් නිසා කාලසටහන මෙලෙස සකස් වී ඇති බවයි. බුද්ධික මහතා  කියූ කතාව පහතින් අහන්න

"මෙතන මේ සභාවේ ඉන්න ගොඩක් අය සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියද්දි දන්නවා ඉස්කොලේ වාර අවසන් වෙන්නේ සිකුරාදා උසස් පෙළ සාම්‍ය පෙළ  විභාග පැවැත්වෙන්නේ සඳුදා. හැබැයි ගිය අගෝසුතුවේ අඟහරුවාදා පටන්ගත්තේ. මේ සාමාන්‍ය පෙළ පටන් ගන්නේ අඟහරුවාදා අද (07) සඳුදා වුණාට අද නෙමෙයි පටන්ගන්නේ. 

මම විභාග කොමසාරිස්ගෙන් ඇහුවා ඇයි මේ අඟහරුවාදා පටන්ගන්නේ කියලා. අනේ මේ මන්ත්‍රීතුමා මාර ප්‍රශ්නයක් දෙමව්පියන් ලොකු ඉල්ලීමක් කරනවා. සඳුදාට රාහුකාලය ඉවරවෙන්නේ 9.30ට ඒ නිසා සඳුදා විභාගෙ පටන්ගන්න එපා කියලා.

ඒ නිසා තමයි විභාග දෙපාර්තුමේන්තුව දැන් තීන්දුවක් අරන් තියෙන්නේ අඟහරුවාදාට විභාග පවත්වන්න. එතකොට ඒකෙන් පේනවා දියුණු සමාජ තුළත් එදා අපි ඉස්කෝලේ යන කාලේ විභාග කොමසාරිස්ලා හිතපු නැති දේ දැන් කොමසාරිස් තුමාට හිතන්න වෙලා තියෙනවා. දෙමව්පියන්ගෙ බලපෑම නිසා දැන් විභාග පටන්ගන්නේ අඟහරුවාදා".




Share on Google Plus