ඇමති ඩිලාන් මන්ත්‍රී නාමල්ට මුඛය ඇති තැන කියයි.


නාමල් රාජපක්ෂගේ මුඛයයි අධෝමුඛයයි අතර පරතරය අඟලක් විතර ඇති කතා කියන්නේ තාත්තා ජනාධිපති කාලයේ ඔහු මන්ත්‍රීවරයකු වූ නිසා බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ඊයේ (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිපයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමේදී නාමල් රාජපක්ෂ පළකර ඇති අදහසක් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී  ශ්‍රිලනිපයේ මතය මාධ්‍යවේදියකු විමසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2004දී කථානායකවරයෙකුවත් පත්කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් අපට තිබුණා. එවකට මහින්ද රාජපක්ෂ මහතා යූ.එන්.පි.ය සමග ඩීල් එකක් දමා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ගත්තා.  ඒවගේම මහින්ද රාජපක්ෂ මහතා කොටින් එක්ක ඩීල් එකක් දාපු නිසා උතුරේ ඡන්ද දැමීම වැළකුණ බව සමහරු කියනවා. ඒ කෙසේ වෙතත් එම ඩීල් එකෙන් ප්‍රභාකරන් පරාජය වූ නිසා එය හොඳ ඩීල් එකක් වු බවය.

නාමල් රාජපක්ෂ මහතා හිතාගෙන සිටියේ තාත්තා තවත් අවුරුදු 15ක් බලයේ සිටියා නම් රටේ ඊළඟ නායකයා වෙන්න පුළුවන් කියලා.එහෙම වුණත් ශ්‍රීලනිපයේ මතය ඒක නෙවෙයි. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුණේ ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ නිසා ඔහු අධෝ මුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරයක් ඇති මෙවැනි කතා කියන බවය.

Share on Google Plus