ශ්‍රී ලංකාවේ ප්‍රථම 'නව මාධ්‍ය සිනමා' දැක්ම අද.


මම අද කතා කරන්න යන්නේ අපි කව්රුවත් කවදාවත් දැකල නැති දෙයක් ගැන. අපේ කිරි අත්තා එකට කියන්නේ හෝ ගානා පොකුණ කියල. මන් මුහුද දැකල නෑ. අම්ම කියනවා ඒක අහස වගේ නිල් පාටයි කියලා. එතකොට මං අම්මට මතක්කරල දෙනවා මං අහස දැකලත් නැ කියලා.... එතකොට අම්මා අඩනවා, මට ඇහෙනවා.

මං කිරි අත්තාගෙන් ඇහුවා මුහුද මොනවගේද කියලා. කිරි අත්තා කියනවා ඒක අපේ වැව වගේ කියල. එතකොට මං කිරි අත්තට කියනවා මම වැව දැකලත් නැ කියලා.... 

මම හැමදාම වැවට යනවා නාන්න. ඒත් මම දන්නේ නැ වැව කොච්චර ලොකුද කියලා
වැවේ තරම දන්නේ නැති මං ඊට වඩා ගොඩාක් ලොකු මුහුදේ තරම හිතන්නේ කොහොමද? මට තේරෙන එකම දේ තමයි කවදාවත් දැකලා ඉවරකරන්න බැරි තරමට මුහුද ලොකුයි කියලා...

මං දන්නවා ඔයගොල්ලෝ කවදාවත් හෝ ගානා පොකුණ දැකලා නැ....

ඔව් මගේ ඇස් පේන්නේ නැ තමයි, එත් ඇස් පේන අනිත් අයටවත් හෝ ගානා පොකුණේ ලස්සන බලන්න එන්න කියන්නයි මම ඔයාලට ආරාදනා කරන්නේ.

අපි හින දැක්කේ හෝ ගානා පොකුණ බලන්න අපි දැකපු හීනේ බලන්න මේ සෙනසුරාදා හවස 6.30 ට කොළඹ රිකි සිනමා හෝල් එකට අනිවාර්යයෙන්ම එනවා කියල මම දන්නවා.

මොකද අන්ද උන සිනමාවේ ඇස් පාදන්න ඔයාලගේ ඇගිලි තුඩු වලටයි, කොම්පුටරේ අකුරු බොත්තම් වලටයි පුළුවන් නිසා.......



Share on Google Plus