පලාත් පාලන මැතිවරණය තවත් කල් යයි - මෛත්‍රී සමු නොගන්නා හැඩ.


දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (26) පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී ය. 

දේශපාලන අධිකාරිය නොමැති කමින්, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල සේවාවන් දුර්වල වී ඇතැයිද කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් වත් ගතවනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසී ය.

මේ අතර තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ නොකලද දේශපාලනයෙන් සමු නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

ජනාධිපතිධුරයක් සඳහා තරඟ නොකරන බව තමා ඉතා පැහැදිලිව කියා තිබෙන බවත් තමාගේ දේශපාලන මතවාදය තුල කටයුතු කිරීම අවසන් කරන බව ඉන් අදහස් නොකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Share on Google Plus