රාජපක්ෂවරුන්ගේ වත්කම් සොයන්න ඉන්දියාවේ සහාය.


රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ සමීපතයන් විසින් විදේශයන් හි සඟවා ඇති මුදල් හා වත්කම් සෙවීමට ඉන්දියාවේ සහාය ලැබීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (FCID) ප්‍රධානි, නියෝජ්‍ය පොලිපති රවී වෛද්‍යලංකාර මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මෙසේ උපදෙස් ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගොස් තිබේ.

මෙහිදී රාජපක්ෂවරුන් ඉන්දියාව සමග පැවැත්වූ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බැලේ.

Share on Google Plus