මහින්ද බෙදූ සල්ලි ආවේ කොහෙන්ද?


පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී මහින්ද රාජපක්‍ෂට ඡන්දය ලබා දෙන ලෙස ඡන්දදායකයන්ට මුදල් අල්ලස් ලබා දීම සඳහා අති විශාල මුදලක් යොදවා ඇති බවත්, එම මුදල් ලබා ගත් මූලාශ‍්‍රය කුමක් දැයි කඩිනමින් සොයා බැලීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ මූලාශ‍්‍රවලින් මෙසේ මුදල් ලබාගෙන ඇති බවට දැඩි සැකයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. රට පුරා තෝරා ගත් සමෘද්ධි නියාමකයන් හරහා ඡන්දදායකයන්ට අති විශාල මුදල් අල්ලසක් ලබා දී ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

පසුගිය කාලයේ සිදු කරන ලද මූල්‍ය අපරාධ කීපයක් පිළිබඳව පරීක්‍ෂණ දියත් කෙරී ඇති බව අනාවරණය වීමෙන් මෙම මුදල් බෙදා දීමේ ක‍්‍රියාවට දායක වූ සමෘද්ධි නියාමකයන් රැසක් සහ ඉහළ නිලධාරීන් කීප දෙනකු මේ වනවිට බලවත් කැළඹීමකට පත්ව සිටින බවත් පැවසේ.


Share on Google Plus