කුසල්ට ජනපතිගෙන් ඇමතුමක්.


තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවට ලක්ව සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කුසල් ජනිත්ගෙන් කරුණු විමසා ඇති බවයි. ගැටලූ සහගත තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල පෞද්ගලිකවම සොයාබලන බව ජනාධිපතිවරයා එහිදී කුසල් ජනිත්ට ප‍්‍රකාශ කර තිබෙනවා.

දක්ෂ ක‍්‍රීඩකයෙකු ලෙස ඔහු නැවත ක‍්‍රීඩා කරනු දැකීම තම සතුට වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ. 


Share on Google Plus