ඇමැති මණ්ඩල සංශෝධනයක් අත ළඟ.


ලබන වසර ආරම්භයේ දී ප‍්‍රබල කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මුදල් ඇමැති රවී කරුණානායක, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ඇමැති ධුර වෙනස් වීමට නියමිත බව පැවසේ.

 කබීර් හෂීම් මහතාට මුදල් අමාත්‍ය ධුරය හිමි වනු ඇති බවටත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ශ‍්‍රීලනිපයේ තිදෙනකුට ඇමැති පදවි හිමි වීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 ඒ අනුව පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට හා ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට රාජ්‍ය ඇමැති ධුරද  මනූෂ නානායක්කාර මහතාට ද නියෝජ්‍ය ඇමැති ධුරයක් හිමි වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus