මත්තල, මොබිටෙල් හා නොරොච්චෝලේ විකිණේ.


මත්තල, මොබිටෙල් සහ නොරොච්චෝලේ විකුණා දැමීමට ආණ්‌ඩුව සැරසෙන බව ද මේ පිළිබඳ ශ්‍රීලනිප ඇමැතිවරුන් කල්පනා කළ යුතු බව ද හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.

සියලුම දේ පුද්ගලීකරණය කරන්න මේ අයට අවශ්‍යයි. සියලුම යෝජනා තියෙන්නේ විකුණාගෙන කන්නයි. ලංකා හොස්‌පිට්‌ල්, ලිට්‌රෝ ගෑස්‌ විශාල ලෙස ලාභ ලබන ආයතන. ලාභ ලබන ආයතන විකුණ ගන්න හොඳ නෑ. මේ ආයතන රජය සතුව තිබිය යුතුයි. මේ පිළිබඳ ශ්‍රීලනිප ඇමැතිවරුන් කල්පනා කළ යුතුයි. පක්‍ෂයේ ලේකම්වරයාට වගකීමක්‌ තියෙනවා. පක්‍ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයැමට පක්‍ෂයේ නායකයාගේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කළ යුතුයි.

Share on Google Plus