කොරින්, මහේල-සංගාගෙන් එක්ලක්ෂ හතලිස්දාහක් ඉල්ලයි.


පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය ශ්‍රී ලංකාවාසීන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවිය. 

මෙම ප්‍රසංගය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් සමස්ථ  රට තුළ මෙන්ම  සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තවදුරත්ටත්  විවේචන  එල්ල වෙමින් පවතියි.

එන්රිකේ ඉග්ලේසියස් ලංකාවට ගෙන්වන ලද්දේ  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ලයිව් ඉවන්ට්ස් පුද්ගලික සමාගම මගින්ය. 

මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 35,000. / 30,000. /20,000. /10,000. සහ 5000 ලෙස මිල නියම කර තිබිණිග රුපියල් 35000 ප්‍රවේශ පත මිලට ගන්නා අය VIP  ප්‍රවේශපත්‍ර ලාභීන් ලෙස නම් කර තිබූ අතර වේදිකාව ඉදිරිපස කොටසටවී ප්‍රසංගය නැරඹීමේ අවකාශය දෙන බව කියා තිබිණි.

ඒ අතර ආහාර සහ මත්පැන් විකුණන වෙළෙඳසල් කිහිපයක්ම ක්‍රීඩාංගණය තුළ ඉදිකර තිබිණි. 

ප්‍ර‍ංගය පැවති CR & FC පිටියේ ප්‍රේක්ෂකයින් 5500 ක් පමණ සිටිය හැකිය. ඒ අනුව 20 වැනිදා රාත්‍රියෙහි එන්රිකේ ඉග්ලේසියස්ගේ සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණි පිරිස අවම වශයෙන් 5500 කි. ටිකට් පත් අලෙවියෙන් ලබා ඇති ආදායම කෝටි ගණනකි.

මෙම ප්‍රසංගය පැවැත්වීම වෙනුවෙන් සංවිධායකයන් කොළඹ නගර සභාවට අදාළ විනෝද බදු මුදල් ගෙවීම මගහැර ඇති බවද මාධ්‍ය වාර්ථා පළ විය.

 එය කෝටි 3 කට ආසන්න වංචාවක් බවද සඳහන් විය. 

මේ අතර තනපට විසිකිරීමේ සිද්ධි හා සිපගැනීමේ සිද්ධි නිසාද මෙම ප්‍රසංගය ආන්දෝලනයක් ඇති කර තිබේ.

පසුගියදා මේ පිළිබඳ ජනපති මෛත්‍රීපාල ද අදහස් දක්වමින් කියාසිටියේ මෙවැනි සංදර්ශන නිසා රටේ සංස්කෘතිය විනාශ මුඛයට ඇද වැටෙන බවයි. මෙහි සංවිධායකයින්ට මඩුවලිගයෙන් තැලිය යුතුයැයිද ජනපති වැඩිදුරටත් ප්‍ර‍කාශ කලා. 

මෙහිදී අසාධාරණයට ලක්වූ බොහෝ අය අතර කලාකරුවන්ද වනවා. 

ප්‍ර‍සංගය බලන්න එක්ලක්ෂ හතලිස්දාහක් ගෙවූ කොරින් අල්මේදා එවැනි කලා කාරිනියක්. 

ඇය මෙය සංවිධාන කළ කළ මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ඇතුළු සංවිධායකයන් පිළිබ‍ඳ දැඩි අප්‍රසාදයද එල්ල කළා.

මෙම ප්‍රසංගයට රුපියල් 35000 VIP ටිකට්පත් 4 ක් ලබාගෙන ඉදිරියෙන්ම නැරඹීමට සිතා සිටි ගායිකා කොරින් අල්මේදා ඇතුළු පවුලේ සැමට  සිදුවූ අසාධාරණය ගැන මෙලෙස අදහස් පල කළා. තමන්ට පමණක් නොව රුපියල් 35,000ක්  ටිකට්පත් ලබාගෙන  ප්‍රසංගය නැරඹීමට ගිය සියළු දෙනාමට මෙම අසාධාරණය සිදු වූ බවයි ඇය පෙන්වා දෙන්නේ. 

කොරින් අප සමඟ කියාසිටියේ රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් ගෙවා ටිකට්පත් ලබාගෙන වේදිකාවේ ඉදිරියේ සිටගෙන සිටි බවයි.

නමුත් පැය 4 ක් ප්‍රමාදවී ප්‍රසංගය ආරම්භ කිරීමත් සමඟ අඩු මිල ටිකට් ලබාගත් විශාල කණ්ඩායම් සෙනඟ තෙරපාගෙන ඉදිරියට පැමිණ තමන් ඇතුළු VIP ප්‍රවේශපත්‍ර ලබාගෙන සිටි පිරිස මැදට තල්ලූ කරදමා එම ස්ථාන අත්පත් කරගත් බවද ඇය ස‍දහන් කළා. 

රුපියල් 35000 ක ප්‍රවේශ පතට හිමිවන්නට තිබූ කිසිදු වටිනාකමක් ලබා දීමට සංවිධායකයින් අපොහොසත් වූ අතර ශබ්ද පරිපාලනය ඇතුළු තාක්ෂණික මෙහෙයුම් අතින්ද ප්‍ර‍ංගය ඉතා පහත් මට්ටමක පැවති බව සඳහන් කරනවා.

අඩුම තරමේ සමහර ගීතවල එන්රික්ගේ හඬවත් ප්‍රේක්ෂකයින්ට නොඇසුනු බවත් ඇය වැඩිදුරටත් ප්‍ර‍කාශ කරනවා.

ප්‍රසංග සංවිධායකයින් කිසිවෙකු සිදුවුණ අසාධාරණය නිවැරදි කරන්නට ඒ මොහොතේ ඉදිරිපත් නොවුණ බවයි ඇය කණගාටුවෙන් කියාසිටියේ.

මහේල හා සංගක්කාර මෙම දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම භාරගතයුතු බවද ඇය කියා සිටිනවා.

තමාගේ මුදල් නැවත ගෙවන ලෙසද  ඇය සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share on Google Plus