ජනවාරියේ ඇමති මණ්ඩල වෙනසක් - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකට ඇමති ධූර.


ලබන ජනවාරි මස 8 වැනිදාට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනවාරි මස පළමු සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමට පෙර මෙම ඇමති මණ්ඩල සංශෝධනය සිදු කෙරුණු ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වීමට නියමිතය බව වාර්තා වේ. 

එම මන්ත්‍රීවරුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව වාර්තා වන අතර කෙසේවෙතත් ලබාදෙන රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus